WireGuard VPN එක ස්ථාපනය කරමු Linux VPS එකක

  • Post category:VPN
  • Post comments:4 Comments
  • Reading time:6 mins read

මම කලින් open vpn එක ගැන ලිපියක් දැම්මා එක බැලුවෙ නැත්නම් එකත් බලන්න හැබැයි open vpn එකට වඩා ටිකක් හොද vpn එකක් තමා wireguard කියන්නේ අපි අද කතා කරන්න යන්නේ wireguard vpn එක host කරගන්න විදිහ

OpenVPN ස්ථාපනය කරමු Linux VPS එකක

අපිට මෙක host කරගන්න vps(Virtual private server) එකක් ඔනේ

Linode: Cloud Hosting & Linux Servers

vps එකේ Ubuntu හො Debian සංස්කරණය ගන්න

මුලින්ම ඔයාගේ vps එකට ssh client එකක් මාර්ගයෙන් ලොග් වෙන්න මම පහලින් දිලා තියන ssh client එකක් download කරලා install කරගන්න.

PuTTY – a free SSH and telnet client for Windows

32-bit: Download

64-bit: Download

ssh client install කරගත්තට පස්සේ vps ip එක ගහලා root එකට ලොග් වෙන්න

පහලින් දිලා තියන command එක ඔයාගේ terminal එකේ copy/paste කරලා enter දෙන්න. (terminal එකේ paste කරද්දි mouse right click එකෙන් තමා paste කරන්නේ )

Ubuntu/Debian :

sudo apt-get update && sudo apt-get upgrade
wget https://git.io/wireguard -O wireguard-install.sh && bash wireguard-install.sh

අංක එක : keyboard එකේ enter දෙන්න

අංක දෙක : ඔයාගේ vpn එකේ නම ගහලා enter දෙන්න

අංක තුන : keyboard එකේ අංක එක ඔබලා enter දෙන්න

අංක හතර : enter දෙන්න

දැන් මම පහලින් දිලා තියන ලින්ක් එකට ගිහිල්ලා ftp client එක download කරගෙන install කරගන්න

FileZilla – The free FTP solution

Download FileZilla Client for Windows (64bit)

දැන් FileZilla open කරගන්න

අංක එක : host කියන තැනට ඔයාගේ vps ip එක දෙන්න.

අංක දෙක : username එකට root කියලා දෙන්න.

අංක තුන : ඔයාගේ vps එකේ root password එක දෙන්න.

අංක හතර : port එකට 22 දෙන්න.

අංක පහ : quickconnect දෙන්න.

අංක හය : දැන් ඔයා කලින් දුන්න නමින් .conf කියන format එකෙන් file එකක් තියනවා එක ඔයාගේ computer එකට drag and drop කරලා save කරගන්න.

මම පහලින් දිලා තියන ලින්ක් එකට ගිහිල්ලා wireguard vpn client එක download කරගෙන install කරගන්න

wireguard vpn open කරගන්න

import tunnel යන්න

download කරගත්ත config file එක දෙන්න

දැන් google එකට ගිහිල්ලා my ip කියල search කරන්න

vpn එක හදනකොට මොකක් හරි අවුල් තැනක් අවොත් කියන්න

තවත් අලුත් ලිපියකින් හමුවෙමු.

This Post Has 4 Comments

  1. KRT_Bro

    Superb very helpfull
    thank you bocca team
    keep it up

  2. ASDA

    wordpress site ekak host karana kiyala denako bro

  3. sach

    ekanam watinwa math karala baluwa

Leave a Reply