Teamspeak 3 එහෙමත් නැත්නම් ts3 කියන්නෙ මොකක්ද කියල හොදටම දන්නවා පරිගණක ක්‍රීඩා කරන අය 🙂

ts3 එකෙන් පුලුවන් voice chat කරන්න channel වලට ගිහිල්ලා තව files share කරන්නත් පුලුවන්

ts3 server එක හදන්න vps (Virtual private server) එකක් සල්ලි වලට ගන්න වෙනවා මම පහලින් දිල තියන ලින්ක් එකෙන් ගන්න $5(LKR 923.21) හැම මසේම ගෙවන්න ඔනේ

දැනටමත් vps (Virtual private server) එකක් අරගෙන තියනවනම්  ප්‍රශ්නයක් නැ

Linode: Cloud Hosting & Linux Servers

මුලින්ම vps එකට ssh client එකක් මාර්ගයෙන් ලොග් වෙන්න මම පහලින් දිලා තියන ssh client එකක් download කරලා install කරගන්න.

PuTTY – a free SSH and telnet client for Windows

32-bit: Download

64-bit: Download

PuTTY එක open කරල vps එකේ root එකට ලොග් වෙන්න 🙂

පහලින් තියන command එක copy කරල paste කරන්න (putty එකේ paste කරන්නේ mouse right click එකෙන් )

CentOS 64-bit

yum update -y

Ubuntu 64-bit/Debian 64-bit

sudo apt-get update && sudo apt-get upgrade -y

vps එකේ සංස්කරණයට ගැලපෙන command එක copy කරල putty එකේ paste කරන්න

Ubuntu 64-bit (මම vps එක හැදුවේ Ubuntu සංස්කරණයට)

sudo dpkg --add-architecture i386; sudo apt update; sudo apt install curl wget file tar bzip2 gzip unzip bsdmainutils python util-linux ca-certificates binutils bc jq tmux netcat lib32gcc1 lib32stdc++6 libmariadb3

Debian 64-bit

sudo dpkg --add-architecture i386; sudo apt update; sudo apt install curl wget file tar bzip2 gzip unzip bsdmainutils python util-linux ca-certificates binutils bc jq tmux netcat lib32gcc1 lib32stdc++6 libmariadb3

CentOS 64-bit

yum install epel-release
yum install curl wget tar bzip2 gzip unzip python3 binutils bc jq tmux glibc.i686 libstdc++ libstdc++.i686

උඩ තියන command එක දුන්නට පස්සේ එක තැනකදී අහනවා Do you want to continue? කියලා එතනට y දිල keyboard එකේ enter දෙන්න

දැන් ts3 එකට user කෙනෙක් හදාගන්න ඔනේ එකට යටින් තියන command එක දෙන්න

adduser ts3server

adduser ts3server command එක දුන්නම අහනවා password එකක් එකට කැමති password එකක් දෙන්න

password එක දුන්නට පස්සේ full name සහ තව දෙවල් ටිකක් අහනවා කැමතිනම් දෙන්න පුලුවන් නැත්නම් enter කරලා ඉස්සරහට යන්න පුලුවන්

මෙකත් ගහන්න su කියන එකේ තෙරුම substitute user

su - ts3server

linuxgsm.sh කියන file එකත් download කරගන්න ඔනේ එකට යටින් තියන command එක දෙන්න

wget -O linuxgsm.sh https://linuxgsm.sh && chmod +x linuxgsm.sh && bash linuxgsm.sh ts3server

ts3server එක install කරගන්න command එකත් දෙන්න

./ts3server install

කලින් වගේම y දිලා keyboard එකේ enter කරන්න

මෙතෙන්ට y දිලා enter

data base එකක් හදන්න අහනවා එතෙන්ට n දිලා enter කරන්න

y දිලා enter

Allow anonymous usage statistics? කියන තැනට y දෙන්න ඔයාට කැමතිනම් විතරක්

ඊට පස්සේ එතන තියනවා ts3 server එකේ Query passwrod එකයි toke එකයි save කරගන්න අපිට මෙක ඔනේ වෙනවා ඉස්සරහට (save කරද්දී රතු පාටින් කොටු කරලා තියන ටික mouse එකෙන් highlight කරලා mouse එකේ right click එකෙන් copy කරගන්න )

server එක start කරන්න පහලින් තියන command එක දෙන්න

./ts3server start

ts3 server එක හදාගෙන ඉවරයි ts3 client එක open කරලා server ip එක ගහලා connect වෙන්න

මුලින්ම server එකට යද්දී අහනවා key එකක් එකට අපි save කරගත්ත token එක දෙන්න

toke එක දුන්නට පස්සේ server admin ලැබෙනවා

channel ටිකක් එහෙම හදලා යාලුවො එක්ක voice chat කරන්න පුලුවන් දැන් 🙂

මම තව ලිපි ටිකක් දන්නම් teamspeak ගැන server backup කරන විදිහ එහෙම

save කරගත්ත Query password එක නැති කරගන්න එපා එක ඔනේ වෙනවා ඉස්සරහට

comment එකක් දාන්න අමතක කරන්න එපා 🙂

10 Replies to “TeamSpeak 3 Server එකක් හදමු”

  1. thanks machan meka kiyala dena vidiya gana liyapu eka ape team ekata ts ekak dagana vidiyak nathuwa hitiye ahamben wage mata set une

Leave a Reply

Your email address will not be published.