VPS එකට SSH Key එකක් setup කරගන්න එක ගොඩක් වටිනවා server එකේ security එකට. SSH Key ගැන විස්තර සහිතව වෙනම ලිපියක් දාන්නම්. මේ ලිපියෙන් කතා කරන්නේ Linode account එකට SSH Key එකක් දාලා VPS එකක් හදාගන්න විදිහ ගැන විතරයි.
මුලින්ම Putty software එක download කරගෙන install කරගන්න. – Download PuTTY
C:\Program Files\PuTTY directory එකේ තියන puttygen.exe එක open කරගන්න.

- Number of bits in a generated key එකට 4096 දෙන්න
- Parameters එකට RSA දෙන්න
- Generate click කරලා mouse point එක move කරන්න key එක generate වෙනකන්
Public key for pasting into OpenSSH authorized_keys file: කියල තියන තැන generate වෙලා තියන key එක right click කරලා select all දීලා copy කරගන්න.

Linode dashboard එකේ SSH keys වලට යන්න – https://cloud.linode.com/profile/keys
add key දීලා copy කරගත්ත public key එක paste කරලා linode account එකට add කරගන්න.

key එක add කරගත්තට පස්සේ dashboard එකේ බලාගන්න පුළුවන් වෙන්නේ ඔය විදිහට.

Putty keygen එක open කරගෙන Key passphrase එකට කැමති password එකක් දීලා private key එක save කරගන්න computer එකේ local disk එකට – private key නැති කරගන්න එපා එකෙන් තමා server එකට login වෙන්නේ.

Linode එකේ server එකක් create කරද්දී අපි add කරපු SSH Key එක බලාගන්න පුළුවන් යටින්ම එක click කරලා create කරගන්න VPS එක.

අයෙත් C:\Program Files\PuTTY directory එකට ගිහිල්ලා putty.exe එක open කරගන්න
SSH එකට ගිහිල්ලා Auth වල Private key file for authentication එකේ තියන Browse click කරලා save කරගත්ත private key file එක දෙන්න

- Putty එකේ Session වලට ගිහිල්ල host name එකට linode එකේ create කරපු VPS ip ගහන්න [email protected]
- Port එක 22 දෙන්න
- Saved Sessions එකට කැමති නමක් දීලා configuration එක save කරගන්
open click කරලා Putty Security Alert එක accept click කරාට පස්සේ කලින් putty keygen එකේ දුන්න Passphrase එක අහනවා එක ගහලා VPS root එකට log වෙන්න.

ඔය විදිහට තමා හරියට SSH key එක setup කරගන්නේ Linode එකෙන්.

වෙන VPS Hosting Service පාවිච්ච කරණ අයට මේක වෙනස් වෙනවා මම එකට වෙනම ලිපියක් ලියන්නම් කොහොමද Server එකට log වෙලා SSH key එකක් දාගන්නේ කියල.