
සමුරායි යනු ජපානයේ වැඩවසම් සමයේ ජීවත් වූ යුධ කුලයකි.සමුරායිවරුන් සමාජයේ ඉහල තලයක් හෙබවූ අය වේ.සමුරායිවරුන් හෙවත් රනකාමීන් සෑම විටම තම ගරුත්වය ගැන විශේෂ අවධානයක් යොමු කලහ.සමුරායි පෙලපතේ කුඩා ලමුන් කුඩා කල පටන්ම සටන් පුහුණු වන අතර,ඔවුහු කඩු සටන් ,දුනු සටන්,හෙල්ල මගින් කරන සටන්,පිහිනීම ,කිමිදීම මෙන්ම භාවනා ක්‍රමද ප්‍රගුන කරති. සමුරායිවරුන් යුධ ශිලපයට පමනක් නොව අද්‍යාපනය සදහාද දක්ශ විය.කඩුව සහ පෑන යන දෙකම ඔවුන් එක ලෙස හැසීරීමට දක්ශ විය. සමුරායිවරුන් කඩු නිර්මාණය කිරීමට අති දක්ශයින් ය.කටානා කඩුව එහි ප්‍රතිපලයක් ය. සමුරායිවරුන් ගේ භයානකම චාරිත්‍ර ය වූයෙ සියදිවි නසා ගැනීමයි.සටනකදී සතුරාට හසු වීමට යාමේදී හෝ යම් කිසි නීති විරෝධී ක්‍රියාවකට දඩුවම් වශයෙනුත් මෙය සිදු වේ.මෙහිදී එම සමුරායිවරයා පිහියකින් හෝ තියුනු තලයකින් තම උදරය වමේ සිට දකුනට බඩ වැල් එලියට පැමිනෙන තුරු කපා ගන්නා අතර තම මිතුරා හෝ වෙනත් සමුරායිවරයකු කඩුවෙන් ඔහුගේ හිස ගසා දමයි.එසේ සිදු කරන්නේ උදරය කපාගැනීම නිසා දඩුවම් විදින්නා විශාල වේදනාවක් විදින නිසාවෙනි
ගොඩක් වටිනවා ❤️
nice