OpenVPN ස්ථාපනය කරමු Linux VPS එකක

  • Post category:VPN
  • Post comments:8 Comments
  • Reading time:6 mins read

අද අපි කතා කරන්න යන්නේ කොහොමද vpn එකක් host කරගන්නේ කියලා

vpn service දෙන වෙබ් එකකින් සල්ලී දිලා ගන්නේ නැතුව ඇයි අපි එකක් host කරගන්න යන්නේ ?

vpn service දෙන අයගෙන් අපි vpn එකක් මිලදි ගත්තම අපේ තොරතුරු 100% ආරක්ෂිතද කියලා කියන්න අමාරුයි මොකද vpn service දෙන ගොඩක් ආයතන අපේ තොරතුරු මුදලට විකුණනවා

Free VPN Use කරන්නේ නැති තරමට තමා හොද..

මෙසම්බන්දයෙන් තොරතුරු හොයාගන්න පුලුවන් ලිපි ගොඩක් තියනවා අන්තර්ජාලය පොඩ්ඩක් හොයලා බලන්න

අපේ vpn host කරන වැඩේට vps එකක් ඔනේ කරනවා. මම පහලින් දිලා තියන ලින්ක් එකෙන් උනත් ඔයාට vps එකක් ගන්න පුලුවන් $5 වගේ පොඩි ගානක් තමා මාසයකට යන්නේ.

Linode: Cloud Hosting & Linux Servers

ඔයා ගන්න vps එකේ ubuntu හො debian සංස්කරණය ගන්න

මුලින්ම ඔයාගේ vps එකට ssh client එකක් මාර්ගයෙන් ලොග් වෙන්න ඔනේ මම පහලින් දිලා තියන ssh client එකක් download කරලා install කරගන්න.

PuTTY – a free SSH and telnet client for Windows

32-bit: Download

64-bit: Download

ssh client install කරගත්තට පස්සේ vps ip එක ගහලා root එකට ලොග් වෙන්න.

දැන් මම පහලින් දිලා තියන command එක ඔයාගේ terminal එකේ copy/paste කරලා enter දෙන්න. (terminal එකේ paste කරද්දි mouse right click එකෙන් තමා paste කරන්නේ )

Ubuntu/Debian :

sudo apt-get update && sudo apt-get upgrade

දැන් පහලින් දිලා තියන command එකත් ඔයාගේ terminal එකේ copy/paste කරලා enter දෙන්න.

Ubuntu/Debian :

wget https://git.io/vpn -O openvpn-install.sh && bash openvpn-install.sh

අංක එක : keyboard එකේ අංක එක ඔබලා enter දෙන්න.

අංක දෙක : port එකට මොක්වත් දෙන්න එපා enter දෙන්න.

අංක තුන : keyboard එකේ අංක එක ඔබලා enter දෙන්න.

අංක හතර : ඔයාගේ vpn එකේ නම ගහලා enter දෙන්න.

අංක පහ : enter දෙන්න.

දැන් මම පහලින් දිලා තියන ලින්ක් එකට ගිහිල්ලා ftp client එක download කරගෙන install කරගන්න.

FileZilla – The free FTP solution

Download FileZilla Client for Windows (64bit)

දැන් FileZilla open කරගන්න.

අංක එක : host කියන තැනට ඔයාගේ vps ip එක දෙන්න.

අංක දෙක : username එකට root කියලා දෙන්න.

අංක තුන : ඔයාගේ vps එකේ root password එක දෙන්න.

අංක හතර : port එකට 22 දෙන්න.

අංක පහ : quickconnect දෙන්න.

අංක හය : දැන් ඔයා කලින් දුන්න නමින් .ovpn කියන format එකෙන් file එකක් තියනවා එක ඔයාගේ computer එකට drag and drop කරලා save කරගන්න.

මම පහලින් දිලා තියන ලින්ක් එකට ගිහිල්ලා open vpn client එක download කරගෙන install කරගන්න.

OpenVPN for Windows : Download

අංක එක : Browse වලට ගිහිල්ලා ඔයාගේ vpn file එක open කරන්න

අංක දෙක : add දෙන්න

අංක තුන : button එක ඔබලා vpn එක on කරගන්න

දැන් ඔයාලට බලා ගන්න පුලුවන් අපේ vpn එක වැඩ කරනවා.

ip check කරන වෙබ් එහෙකට ගිහිල්ලා බලන්න ip එක (vpn එක වැඩකරනවනම් vps එකේ ip එක තමා පෙන්න ඔනේ ).

මෙක phone එකටත් use කරන්න පුලුවන් open vpn app එක download කරගන්න.

vpn එක හදනකොට මොකක් හරි අවුල් තැනක් අවොත් කියන්න

තවත් අලුත් ලිපියකින් හමුවෙමු

This Post Has 8 Comments

  1. ross

    wow good work ♥

  2. Harith

    WireGuard install karana vidiha kiyala dennakoo

  3. dinesh

    open vpn ekada hoda wireguard da ?

    1. Udara Kalana

      WireGuard එක ගොඩක් fast
      මම දැන් පාවිච්චි කරන්නේ WireGuard

  4. Lakmina

    mn vps gathe ovh eken eka aulak na neda bro

  5. Heshan

    1gb ram server eheka install karanna puluwanda ?

Leave a Reply