Linode එකෙන් VPS එකක් ගමු :)

Linode කියන්නේ VPS hosting කරන company එකක් මම 2019 ඉදන් පාවිච්චි කරන්නේ කිසිම ගැටළුවක් නැතුව මගේ වැඩවලට. කවුරුහරි කෙනෙක් VPS එකක් ගන්න හිතාගෙන ඉන්නවානම් මම recommend කරන්නේ Linode.

Linode account එකක් හදමු

referral link එකෙන් linode website එකට යන්න. මගේ referral link එකෙන් account එකක් හැදුවොත් $100 free ලැබෙනවා දවස් 60 යනකන් linode servers free පාවිච්චි කරන්න පුළුවන්. දවස් 60 ඉවර උනාට පස්සේ තමා linode එකෙන් ගත්ත servers වල ගාණට බිල් එක එන්නේ.

VPS එකක් create කරමු

dashboard එකේ තියෙන CREATE button එක click කරන්න එතනින් Linode එකට යන්න

Image එකට කැමති සංස්කරණයක් දෙන්න

Region එකට කැමති එකක් දෙන්න හැබැයි ලංකාවට හොද latency එකක් තියෙන්නේ Singapore වලට

Linode Plan එකට කැමති එකක් දෙන්න හැබැයි එකට ගෙවන්න ඕන දවස් 60 ඉවර උනාම. හිතන්න $5 එකක් ගත්තොත් මාසෙන් මාසෙට $5 ගෙවන්න ඕන. කොච්චර RAM,DISK,CPU ඕන වෙනවද කියල තීරණේ වෙන්නේ VPS එකෙන් කරන දේ අනුව.

Root Password එකට හොද password එකක් දෙන්න

SSH Keys use කරනවා නම් විතරක් බලන්න – SSH Key එකක් Add කරමු Linode එකට

ඔය setup එක ඉවර උනාට පස්සේ යටින්ම තියන CREATE button එක click කරලා server එක හදාගන්න.

VPS එකට log වෙන විදිහ දැනගන්න

Leave a Reply