වෙබ් අඩවියකට පිවිසීම

අපි ඉන්ටනෙට් යද්දී පරිගණකයේ තියන වෙබ් බ්‍රවුසර් එකක් මාර්ගයේන් ඉන්ටනෙට් යන්නේ youtube,facebook වගේ යද්දී අනිවාරේන් වෙබ් බ්‍රවුසර් මගින් තමා පිවිසෙන්නේ අදාල වෙබ් පිටුවට.

වෙබ් බ්‍රවුසර් ගොඩක් තියනවා උදාහරණයක් විදිහට Google chrome,Firefox ඔය වගේ තව ගොඩක් වෙබ් බ්‍රවුසර් තියනවා අන්න එ වෙබ් බ්‍රවුසර් එකේ අපිට යන්න ඔන වෙබ් අඩවියේ ලිපිනය සදහන් කරනවා එහෙම කරහම පුලුවන් අදාල වෙබ් අඩවියට යන්න.

අපි සදහන් කරන ලිපිනය හදුන්වනු ලබන්නේ URL එකක් කියලා අපි මුලින්ම දැනගන්න ඔනේ URL එකක් කියන්නෙ මොකක්ද සහ URL එහෙක තියන කොටස් මොනවද කියලා.

URL එකක් කියලා කියන්නෙ ඒකීය සම්පත් නිවේශකය (Uniform Resource Locator) කියන එකට.

URL එකක් කොටස් කිපයකින් යුක්ත වෙනවා උදාහරණයක් විදිහට මේ URL එක ගත්තෝත්

https://www.bocca.wtf/wp-content/uploads/2021/02/post-how-save-webpage-as-pdf.png

ඔය උඩ තියන URL එක අපිට කොටස් කිහිපයකට හදුන්වන්න පුලුවන්

HTTP කියන තැන හදුන්වන්නේ PROTOCOL එකක් කියලා http වචනය දිග හැරියොත් එන්නේ Hypertext Transfer Protocol කියන එක HTML ඉගෙන ගන්නකොට එහෙම මේක අපි දැනගන්නවා.

ඊළඟ කොටස www (World Wide Web) එකට කියනවා සේවාව කියලා

Facebook.com,Google.lk එවගේ bocca.wtf මේකට අපි කියනවා වසම් නාමය එතකොට මේ වසම් නාමයක් ඇතුලේ කොටස් දෙකක් තියනවා මේ .wtf කියන කොටසට කියන්නේ ඉහල මට්ටමේ වසම කියලා සහ BOCCA කියන එකට කියනවා පහල මට්ටමේ වසම කියලා

එතකොට වසම් නාමය කොටස් දෙකයි.

දැන් අපි බැලුවොත් මේ /wp-content/uploads/2021/02/ කියන කොටස තමා ගොනුවේ මාර්ගය එතකොට සමහරක් තැන්වල මේක කෙටි වෙන්නත් පුලුවන් දිග වෙන්නත් පුලුවන්

බලමු දැන් මේ අන්තිමට තියන එක මොකක්ද කියලා post-how-save-webpage-as-pdf.png මේක තමා ගොනුව (සම්පත) අපේ URL එකේ

මේ ටික තමා URL එහෙක තියන කොටස් ටික.

ඉහල මට්ටමේ වසම (TOP LEVEL DOMAIN)

URL එකේ තියන ඉහල මට්ටමේ වසම (TOP LEVEL DOMAIN)  ගැන පොඩ්ඩක් කතා කරමු මේක කොටස් හතරකට බෙදන්න පුලුවන් එතකොට ඒ TOP LEVEL DOMAIN වල මුලින්ම ගන්න පුලුවන් මුලික වසම් කියලා කොටසක් එකට අයිති වෙනවා .com, .org, .net, .int, .edu, .gov

දෙවෙනියට තියෙන්නේ රටක් නියෝජනය කරන වසම් .lk (ලංකාවට) , .uk (යුනයිටඩ් කින්ඩම්) , .nz , .us  ඔය වාගේ

තුන්වෙනියට ICANN කියන කොටස මේක අපි පාවිච්චි කරන්නේ විශේෂ සේවාවන් සදහා හිතන්න ගුවන්ගත සේවාවන් සදහා .aero එතකොට ජංගම දුරකථන සේවාවන් වලට .mobi තව ඉඩකඩම් විකිණීමට .land චිත්‍රපට වලට .movie ඔන්න ඔය වගේ එවට කියනවා ICANN කියලා

තව භූගෝලීය ප්‍රදේශයක් ​ නියෝජනය කරන එවට තියනව .asia , .berlin , .london ඔයවාගේ

ඉහල මට්ටමේ කොටස් හතරයි

DNS SERVER

අපේ පරිගනකය ගත්තෝත් ඒ පරිගනකයට අවශ්‍ය වෙබ් ලිපිනය ලබා දෙන්නේ. අපි හිතමු www.facebook.com කියන ලිපිනය ලබාදෙනවා කියලා එතකොට එක ගබඩා කරලා තියෙන්නේ වෙනත් කොහේහරි තියන ව්බ් සර්වර් එහෙක (web server) දැන් පරිගණකය කොහොමද ලබාදුන්න වෙබ් ලිපිනයට අදාල වෙබ් සර්වර් එක හොයාගන්නේ එක ගැටලුවක් එක සැරේට එක පාරටම එක හොයාගෙන යන්න බැනේ ?

පරිගණකය කොහොමද වෙබ් සර්වර් එක හොයාගෙන යන්නේ දැන් ඔයා youtube.com කියල ගැහැවුව නම් youtube එකට අදාල වෙබ් සර්වර් එකට යන්නේ කොහොමද youtube එකට අදාල වෙබ් පිටු ඔක්කෝම තියෙන්නේ youtube එකට අදාල වෙබ් server එකේ දැන් එක ගැන තමා අපි ඉගනගන්න යන්නේ.

පරිගණකයක් ගත්තොත් එයා ක්‍රියාත්මක වෙන්නේ ඉලක්කම් මත ඒ කියන්නේ එයාගෙ භාෂාව ඉලක්කම් මිනිස්සු ගත්තාම ගොඩක් භාෂාවන් කතා කරන අය ඉන්නවා එතකොට පරිගණකයට අපි කියන එවා තේරෙන්නේ නැ.

දැන් අපි කිවුවොත් www.youtube.com කියලා පරිගණකෙට තේරෙන්නේ නැ එතකොට පරිගණකෙට තේරෙන්නේ නැත්නම් කොහොමද අපි අරක ටයිප් කරහම එයා වෙබ් සර්වර් එක හොයාගෙන ගියේ අන්න ඔතනදි තමයි අපිට මේ සබඳතාවය තෙරුම් ගන්න DNS Server කියන එක අවශ්‍ය වෙන්නේ.

එතකොටත් මේ DNS Server එකෙන් කරන්නේ පරිගණකෙට තේරෙන්නේ නැති භාෂාවේන් අපි ඉදිරිපත් කරන දේ ඉලක්කම් වලට පරිවර්තනය කරල දෙන එක කෙටියෙන් කියනවා නම් DNS Server එකක් කියල කියන්නේ පරිවර්තකයෙක් අපේ භාෂාවෙන් ලබාදෙන වෙබ් ලිපිනය ඉලක්කම් බවට පත් කරනවා එතකොට මේ දෙන්න අතර සබඳතාවය ගොඩනගන්නේ DNS Server එක මගින්. එක ගැන තමා දැන් කතා කරන්න යන්නේ.

Domain Name System (DNS)

හිතමු www.facebook.com කියලා අපේ පරිගණකයේ වෙබ් බ්‍රවුසර් එකේ ට්යිප් කරලා කියල දැන් අපි මෙක අපේ වෙබ් බ්‍රවුසර් එකේ ට්යිප් කරහම වෙබ් බ්‍රවුසර් එක විසින් මේ ලිපිනේ ලබාදෙනවා පරිගණකයේ os (මෙහෙයුම් පද්ධතිය උදා :- Windows 10) ඊට පස්සේ දැන් මේ www.facebook.com කියන එක පරිගණකයට තේරෙන්නේ නැති හින්දා පරිගණකය විසින් මේ ලිපිනෙට අදාල ip ලිපිනය හොයාගන්න ඔන අන්න ඒ ip ලිපිනය හොයාගන්න DNS Server එකට facebook.com කියන ලිපිනය ලබාදෙනවා මෙහෙයුම් පද්ධතිය විසින්.

DNS Server එකට මේ ලිපිනය ලබාදුන්නයින් පස්සේ DNS Server එක තුල තියනව වගුවක් ඒ වගුව තුල පවත්වාගෙන යනවා වෙබ් ලිපිනයන් සහ ඉට අදාල අනුරූ ip address එතකොට DNS Server එකෙන් මොකක්ද කරන්නේ www.facebook.com කියන එක හොයාගෙන යනවා.

එක හොයාගෙන ගියාට පස්සේ එකට අදාල ip ලිපිනය ඊටපස්සේ එයා වගුවෙන් ලබා ගන්නවා දැන් අපි www.facebook.com කියන එක DNS Server එක වෙත යොමු කරා පරිගණකය විසින් පසුව DNS Server එක විසින් www.facebook.com කියන ලිපිනය හොයාගන්නවා එයාගෙ දත්ත ගබඩාව තුලින් එක හොයාත්තට පස්සේ එයා www.facebook.com එකට අදාල ip ලිපිනය හොයාගන්නවා ඔය ක්‍රියාව සිද්ද උනාට පස්සේ. හොයා ගත්ත ip ලිපිනය ලබාදෙනවා වෙබ් බ්‍රවුසර් එකට එතකොට වෙබ් බ්‍රවුසර් එක දන්නවා facebook.com වලට අදාල ip ලිපිනය එයා ඒ ip ලිපිනය පාවිච්චිකරලා facebook වෙබ් අඩවියේ සර්වර් එකට යනවා ඊට පස්සේ අවශ්‍ය දත්ත ටික අරගෙන ඒ දත්ත ටික නැවත ලබාදෙනවා අපේ පරිගණකේ තියන වෙබ් බ්‍රවුසර් එකට.

මෙක තමා සරල ක්‍රියාවලිය DNS Server එකක වෙන හැබැයි මේක ගැබුරෙන් කතා කරන්න ඔන දෙයක් අපි එක අනිත් ලිපියෙන් කතා කරමු මේ තියෙන්නේ සරල පියවරයන් ටික.

මේක තේරුම් ගත්තම ලේසියි අනිත් ලිපියට.

මම පුලුවන් තරම් ඉක්මනින් අනිත් ලිපියත් දාන්නම් නිදිමතේ ඉන්නේ 😴

4:18 AM Tuesday, February 23, 2021 😫🥱

ගැටලු තියනව නම් පහලින් දාන්න….

3 Replies to “DNS ගැන සිංහලෙන් – පලමු කොටස”

  1. තුන්පාරක් විතර කියවලා හොදටම තෙරුම් ගත්තා ගොඩක් වටිනවා ඔයා කරන වැඩේ දිගටම ලියන්න ඔබට ජය.

  2. meka godak watinawa aiye mata onama wela thibba ekak.thawa liyanna oyata godak issarahata yanna puluwa. jaya wewa.

Leave a Reply

Your email address will not be published.