අද අපි කථා කරන්න යන්නෙ කොහොමද Seedbox එකක් ඔයාගේ VPS එකෙ ස්ථාපනය කරගන්නේ කියලයි.
දැන් අපි පොඩ්ඩක් කථා කරමු මොකක්ද Seedbox එකක් කියන්නේ කියල සරලව.
අපි Torrent File Download කරද්දි Torrent Client එකක් මාර්ගයෙන් තමා Download කරන්නේ.
ඉතින් මෙ Seedbox එකේ වෙන්නෙ ටිකක් වෙනස් දෙයක් ඔයාගාව තියන Torrent File එක Seedbox එකට Upload කරලා ගොඩක් වෙගයෙන් හා නිර්නාමිකව Download කරගන්න පුලුවන්.
නිවසේ පරිගණකයට Download කරන අතරතුර SFTP හෝ SSL හරහා Download කිරීම සංකේතනය කිරීමට ප්‍රධාන වශයෙන් උපකාරී වේ, එවගේම ඔයා Download කරන්නේ මොකක්ද කියල ඔයාගේ අන්තර්ජාල සේවා සපයන්නන්ට පෙන්නෙ නැහැ.
දැන් අපි බලමු කොහොමද Deluge Seedbox එක ස්ථාපනය කරගන්නේ කියලා
01
.අපිට ඉස්සෙල්ලාම VPS එකක් ඔන කරනවා.
ඔයාලට පුලුවන් VPS එකක් මිලදී ගන්න මම පහලින් සදහන් කරලා තියන වෙබ් පිටු වලින්
( VPS එකක් කියන්නෙ මොකක්ද කියල මම ඔයාලට වෙන ලිපියකින් පැහැදිලි කරන්නම්)
- Linode (මම VPS ගන්නේ මෙයාලගෙන්)
- DigitalOcean
- Vultr
- ඔයාට වෙන වෙබ් වලින් උනත් VPS මිලදී ගන්න පුලුවන් ගැටලුවක් නැ
Linode වෙබ් පිටුවට ගිහිල්ලා ලියාපදිංචි උනාට පස්සේ බලාගන්න පුලුවන් මෙවගේ Dashboard එකක්

දැන් අපි අපේ VPS එක හදාගමු

දැන් මම පහල සදහන් කරල තියන විදිහට තොරගන්න.
Linode Plan එක ඔයාට කැමති එකක් දෙන්න පුලුවන්
මතක තියාගන්න ඔයා තොරගන්න Linode Plan එකෙ මුදල හැම මාසයකම ගෙවන්න ඔනෙ.
ඔක්කොම සංපුර්න කරහම Create බොත්තම ඔබන්න

දැන් අපේ VPS එක අපි හදාගෙන ඉවරයි
02
.දැන් Putty මෘදුකාංගය Download කරගන්න ඔනේ
මම පහලින් ලින්ක් දිලා තියනවා එවට ගිහිල්ලා Download කරගන්න
දැන් Putty මෘදුකාංගය ස්ථාපනය කරගන්න. පසුව Open කරගන්න.

Linode Dashboard එකට යන්න එකෙන් ඔයාගේ VPS IP Address එක Copy කරගන්න

ඔයා Copy කරගත්ත IP Address එක Paste කරගන්න ඔයාගේ Putty මෘදුකාංගයේ.
පසුව Open කරගන්න.

Putty Security Alert එක YES කරන්න

login as: කියන තැනට root ලෙස ලබා දෙන්න.
අපි කලින් Linode Dashboard එකෙදී VPS එක හදනකොට දුන්න root password එක ගහන්න (password එක දෙද්දී ඔයා Type කරන අකුරු පෙනෙන් නැහැ )

දැන් ඉදන් මම දෙන Commands ටික ඔයා ගහන්න ඔනේ.
(Putty එකේ Paste කරද්දී ඔයාගේ Mouse Right එක ඔබන්න)
Command :
sudo apt-get update && sudo apt-get upgrade
Command එක දුන්නට පස්සේ මෙවිදිහට තමා ඔයාට බලාගන්න පුලුවන් වෙන්නෙ ඔයාගෙ Terminal එක

Command :
sudo add-apt-repository ppa:deluge-team/ppa

ඔයාට මෙවගේ එකක් එනවා එතකොට ENTER ඔබන්න Keyboard එකේ
Command :
sudo apt install deluged deluge-webui
sudo adduser --system --group deluge
sudo gpasswd -a root deluge
ඔයා මේ Command එක දුන්නට පස්සෙ මෙවගේ කොටුවක් එනවා
nano /etc/systemd/system/deluged.service

ඔය කොටුව ඇතුලට මම පහලින් දිලා තියන lines ටික Add කරන්න.
(Copy කරලා Paste කරන්න )
[Unit] Description=Deluge Bittorrent Client Daemon After=network-online.target [Service] Type=simple User=deluge Group=deluge UMask=007 ExecStart=/usr/bin/deluged -d Restart=on-failure # Configures the time to wait before service is stopped forcefully. TimeoutStopSec=300 [Install] WantedBy=multi-user.target
lines ටික Add කරගත්තට පස්සෙ මෙහේම තමා බලා ගන්න පුලුවන් වෙන්නේ

දැන් ඔයාගේ Keyboard එකේ
CTRL+X ඔබන්න
Y ඔබන්න
ENTER ඔබලා Save කරන්න
පහලින් දිලා තියන එවත් ගහන්න.
systemctl start deluged
systemctl enable deluged
nano /etc/systemd/system/deluge-web.service
දැන් කලින් වගේම තව කොටුවක් එනවා කලින් කරපු විදිහටම පහලින් දිලා තියන lines ටික Add කරලා Save කරගන්න
[Unit] Description=Deluge Bittorrent Client Web Interface After=network-online.target [Service] Type=simple User=deluge Group=deluge UMask=027 ExecStart=/usr/bin/deluge-web Restart=on-failure [Install] WantedBy=multi-user.target
දැන් මේ Commands දෙකත් ගහන්න
systemctl start deluge-web
systemctl enable deluge-web
හරි දැන් ඔයගේ Web Browser එක Open කරලා ඔයාගේ VPS IP Address එක ගහලා අවසානෙට :8112 ගහන්න
(http://172.104.62.157:8112/ ඔය රතු පාට කරල තියන තැනට ඔයාගේ IP Address ගහන්න )

ඔය විදිහට තමා බලාගන්න පුලුවන් වෙන්නේ
Password එකට deluge කියල දෙන්න
එතකොට අහනවා ඔයාගේ Password එක වෙනස් කරන්නද කියලා එතෙන්ට Yes දෙන්න.



Old Password එකට deluge කියලා දීලා ඔයාගේ Password එකක් දාල Change කරලා Apply කරන්න.

දැන් Download To කියන තැනට /var/www/html/torrents කියල දෙන්න
හරි දැන් අපි භාගයක් වැඩෙ ඉවර කරලා තියෙන්නේ අයෙමත් ඔයගේ Putty මෘදුකාංගය Open කරලා Root එකට ලොග් වෙන්න.
මම පහලින් දිලා තියන Commands ටික ගහන්න කලින් වගේම
sudo apt-get install apache2
mkdir /var/www/html/torrents
chown www-data:www-data /var/www/html/torrents
chmod 777 /var/www/html/torrents
sudo gpasswd -a www-data deluge
service apache2 restart
හරි අපි දැන් අපේ Seedbox එක හදාගෙන ඉවරයි.
අපි බලමු කොහොමද දැන් Torrent File Download කරන්නේ කියලා.

File කියන එකට ගිහිලා තමා ඔයගේ .torrent upload කරන්නෙ URL කියලා තියන තැනට තමා Magnet url දාන්නේ
මම දාන්නේ Magnet url එකක්



දැන් අපේ Torrent File එක Download වෙලා ඉවරයි.


ඔයා Download කරන එවා Save වෙන්නේ http://172.104.62.157/torrents/ එකට ඔය රතු පට කරල තියන තැනට ඔයාගේ VPS IP Address ගහන්න.
ඔන්න ඉතින් අපි දැන් දන්නවා Deluge Seedbox එකක් හදාගන්න.
කොතනක හරි ගැටලුවක් තියනවනම් කියන්න.
තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
good amazing mew mew
අඩෝ ගොඩක් වටිනවා මචන්
දිගටම එකතු වෙලා ඉන්න
Thanks!
mam debian 9 os ekka install karana yanakota
add-apt-repository: command not found kiyala watenwa hadaganna vidihak nadda
( sudo apt install software-properties-common ) ඔය command එක ගහන්න. පුලුවන්නම් ubuntu server එකක් අරන් install කරන්න.
thank you bro
Thank You so much I learned lot of things.
Download කරන file එක zip එකක් කරන්න විදිහක් නැද්ද ?
පුලුවන් /var/www/html/torrents directory එකට ගිහිල්ලා ඔයාට ඔන file එක zip කරන්න zip folder name ඔය විදිහට තමා command එක දෙන්නේ
තේරුණේ නැත්නම් මෙක බලන්න http://www.servermom.org/how-to-zip-compress-and-unzip-extract-files/65/