චින්තන ලා කියන්නේ හෑලි ලියවෙන්න ඕනි මිනිස්සු බං
චින්තන ගීතාල් විදානගේ මීට අවුරුදු 16කට කලින්, 2006 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ රන් පදක්කමක් දිනලා සමරපු විදිහ කවදාවත් අමතක නොවෙන විදිහේ එකක්. මේ තියෙන්නේ ඒ වෙලාවෙදී ගත්තු ඉතිහාසගත චායාරූපයක්…

එදා චින්තනට වයස අවුරුදු 24 යි. එදා චින්තනට මාධ්‍යවලින්, මිනිස්සන්ගෙන් පුදුම තරම් පැසසුම් ලැබුණා.මට මතකයි චින්තන කාපු කෑම වේලේ ඉඳන් හැම දෙයක් ගැනම මීඩියා කතා කරා.
පත්තර වල ඉන්ටර්වීවු ගියා….
2008 ඔළිම්පික් වලට චින්තන යද්දිත්, 2010 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට චින්තන යද්දිත්, චින්තන අපේ ප්‍රධානතම පදක්කකම් බලාපොරොත්තුවක් වුණ හැටි මතකයි.
2008 දී පදක්කම බලාපොරොත්තුව නැති වෙලා ගියාට, 2010 දි රිදී පදක්කමත් දිනන්න චින්තනට පුළුවන් වෙනවා.
ඊට පස්සේත් 2018 ගෝල්ඩ් කෝස්ට් වලදිත් චින්තන බර උස්සනවා.පදක්කමක් පෙනි නොපෙනී යන මට්ටමට එනවා…
මේ 2022, අද වෙද්දී චින්තනට අවුරුදු 40ක්, එදා අපි මොනවද කලේ,
අද අපි මොනවද කරන්නේ,
ඒත් තාමත් චින්තන ගීතාල් විදානගේ රට වෙනුවෙන් බර උස්සනවා.
2006 දි 62kg බර පන්තියෙන් බර උස්සපු චින්තන, අද 81kg බර පන්තියෙන් බර උස්සනවා.
අද චින්තනගේ නමින් තිබුණු පදක්කම් බලාපොරොත්තුව නැති වෙලා ගියාට, චින්තන රන් පදක්කමක් අරගෙන දුන්නු මතකයේ සුවඳ අලුත් කරා…
වසය අවුරුදු හතලිහේදීත් රට වෙනුවෙන් බර උස්සන චින්තනගේ ප්‍රයත්නයට hats off…!!!
එහෙම කෙනෙක් වෙනුවෙන් නොලියන හෑලී තව මොකටද.