
තුසිත පතිරණ – තබන සටහන මෙසේ උපුටා ගන්නේ අප සමාජයේම තවත් කොටසක අමානුෂික සිතිවල වලට අතුල්පහරක් එල්ල කර ඇති නිසාවෙනි
කනගාටු නොවන්න මේ මනුෂ්‍යත්වයේ මල් පිපෙන උදෑසනක් සහම්ලේච්ඡත්වය වල පල්ලට යන යුගයකි..!
බොහෝ පිරිමින්ගේ නානා විධ ප්‍රශ්න ගොන්නක සියය 80ක් වන ප්‍රශ්න නිර්මාණය වන්නේ ගැහැණිය පදනම් කොට ගෙනය.. එය පිරිමියාගේ දුබලත්වය මිස ගැහැණියගේ අඩුවක් නිසා නොවන බව සත්‍යයක් බව ප්‍රකාශ කර සිටිනුයේ දැඩි ගරුත්වයක්ද සහිතවය.
හෑම පිරිමියෙකුගේම පාදම අම්මාය.. අම්මාට ගරු කරන මානව සමාජයේ පිරිමි කුලකය.. බිරිදටද, දියණියන්ටද, ගුරුවරියන්ටද, ලෝකයේ සෑම අම්මාවරුන්ටද , බිරින්දෑවරුන්ටද, දියණිවරුන්ටද ගරු කරති.. එසේ නොවන කවර හෝ පිරිමියෙකු වේ නම් ඔහු ම්ලේච්ඡයෙකු බව පමණක් සටහන් කොට තබමි..
මේ සටහන මුල පිරීමට සිත් වූයේ ෆේස් බුක් පිටුවක් මත දුටු පෝස්ටුවක් හේතුවෙනි.. ඒ මීට දින කිහිපයකට පෙර ලෝක රූ රැජින කිරුළු පැළදී කැරොලයින් ජූරි ඒ අසහාය ගැහැණියට ඒ අම්මාට ඒ සදාදරණීය බිරිඳට ම්ලේච්ඡයන් පිරිසක් විසින් දැක්වූ වාග් ප්‍රහාරයක් හේතුවෙනි.
මිනිසුන්ට නින්දිත විය හැකියි. එහෙත් මිනිසුන්ට තුච්ඡ නින්දිත වීම යනු පොළොව මත ජීවිතය ගත කළත් මළ මිනිසුන් ලෙස ජීවත් වන ගණයට වැටෙන මළ මිනී පිරිසක් විනා අන් කවර ජීවමය සක්යත්වයක් ඔවුන්ට උදාකර දිය නොහැකි බැවිනි. මෙහි පෙනෙන පොස්ටුවෙහි සදහන් වන වචන දැඩි අපුල දනවන අතරම ඒවා මත සටහන් කොට තබා ඇති කරුණු මගින් එවැනි සත්ව කොට්ඨාශයක් විසුළු කාරී මානසිකත්වයක හෝ සිට හිත මෙහෙය වනවා නම් ඒ සම්බන්ධව නැවත නැවත සිතා බැලිය යුතුමය. අපට ඔබ ගැන ලැජ්ජාවක් ඇත.. ඒ නිකම්ම නිකන් ලැජ්ජාවක් නොව විලි ලැජ්ජාවකි.. රිසි සේ ගැහැණිය නුඹට තළු මරා රස විදිය හැකි භාණ්ඩයක් හෝ කෑමක් නම් නුඹලා මිනිසුන් ලෙස ඉපදීමම මෙලොව ලැබූ අවාසනාවකි. ඔව් , ගැහැණිය සතු ගුණයන් ඇත.. ඒ ගුණයන් පවතිනුයේ ශාරීරිකව අවයවයන්හි පිහිටීම හෝ, ගෝත්‍රික මානසිකත්වයේ සිට රැකිය යුතු කන්‍යා පටල මත හෝ පිරිමියාගේ අවශ්‍යතාවයේ ප්‍රමාණයට ගැහැණියට තෙත්වීම මත හෝ පිරිමියාට අවශ්‍ය පරිදි ගැහැණියට ළමුන් උපැද්දීම මත හෝ.. පිරිමියාට අනුගතව නිදි වැදීම හෝ. පිරිමියාට අනුව ඇදීම හෝ පිරිමියාට අනුව ගමන් බිමන් යාම මත හෝ පිරිමියා රකින සංස්කෘතික රාමුවෙහි සිටීම මත හෝ පිරිමියා අදහන ආගම ඇදහීම මත හෝ.. අඩුම ගණනේ පිරිමියාට අවශ්‍ය පරිදි වතුර පොදක් හෝ බීම මත හෝ නොව මනුෂ්‍යත්වයටම අනුගත වූ තවත් එක් මිනිසෙකු ලෙස සීතීම මත වන මහා දරාගැනීමක මිනිස් ගුණයක් නිසාවෙනි.
කැරොලයින් ජූරි ආදරණීය සැමියෙකුගේ ආදරණීය බිරිදකි. ඇයට දරුවෙකු සිටියි.. එහෙත් ඇය දරුවා ද සැමියාද සමග කාලය ගත කරන අතර තුරම මිනිස් නිදහස ගරු කරන දියුණු මිනිස් සමාජයේ රුචි අරුචි කම් සංජානනය වන සුවහසක් ගැහැණුන්ගේ ගොඩේ සිට ඇය ලොව අද්විතීයත්වයක් හිමිකර ගැනීමට සමත් වූවාය. ඇය විවාහක ලෝක රූ රැජිනයි.. සමස්ත ලෝකයේ ම ශරීර ලක්ෂණ පිහිටුවා ගත හැකි ඒ සදහා පෝෂිත ආහාර හා රූප ශ්රියත්වයන් ගොඩ නගා ගත හැකි දේශගුණික කලාපවල සහ ඒ වෙනුවෙන්ම කැපවී ශරීර මේන්ටේන් කරන දියුණු රාජ්‍යන්හි කාන්තාවන්ද අබිබවා ලෝකයේම විවාහක කිරුළ දිනා ගැනීම මොන තරම් භාග්‍යයක්ද ? කිසිවෙකු විසින් සදහන් නොකළ කරුණක් මෙහිලා සිහිපත් කිරීමට සිත්වේ.. ඒ නම් මේ කිරුළ ඇයගේ නම් කිහිපයකටම අදාළව ගලපාගත හැකිව ඇත. මේ ලෝකයේ ලස්සනම අම්මාගේ සම්මානයයි, අනෙක් අතට ලෝකයේ ලස්සනම බිරිඳගේ සම්මානයයි.. ඉතිං තවත් කවර නම් කතාවක්ද ? මෙහි කතා කාරයන්ට දැන් මේවාටද පිළිතුරු දිය යුතුව ඇත.. ඔබ මේ වහසි බස් දොඩවා ඇත්තේ නුඹගේ අම්මා මෙන්ම අම්මාට නම් එය ඔබට අදාළව නැවත කියවා ගත යුතුව ඇත.. ඔබ මේ සදහන් කොට ඇත්තේ ඔබගේ බිරිදට හෝ ආදරණීය පෙම්වතියට අදාළව නම් ඔබ මෙය නැවත කියවා ගත යුතුව ඇත..
ඒ නිසාම ම්ලේච්ඡයිනි ..! එක් දෙයක් කියමි.. මේ යුගය නුඹලාට අයිති කාලයක් නොව මිනිසුන්ගේ මනුෂ්‍යත්වය වඩ වඩා අගයන වඩ වඩා උලුප්පා තබන , වඩ වඩා කතා බහට ලක් කරන යුගයක් බවයි.. ඒ සදහා කිසිවෙකුගෙන් උදාහරණ සපයා නොගෙන ඔබලාගේ වහසි බසට නතුවන ඒ ගැහැණිය දිනා ගත් ලෝක රූ රැජින කිරුළෙන් අනතුරුව ප්‍රකාශ කළ දේ හොදින් කියවා ගනිව්… ඒ මත සිට නුඹලා කියූ පොල් ලෙල්ද, උඹලාගේ ගෝත්‍රික පෙට්ටිද , නුඹලාට අදාළව නානාවිධ හැසිරීම්ද ? ඒවා කිසිදු ගැහැණියට බද්ධ නොකොට භෞතික භාණ්ඩ හෝ ද්‍රව්‍ය ලෙස ගෙන නුඹලාගේ ශරීරයේ කොහේ හෝ පිරි මැදීමටද ඒ මත නිදා සිටීමටද නැතහොත් වළක් කපා වැළලීමටද උපයෝගී කොට ගැනීම නුඹලාම සතු කාර්යයකි..
මේ ප්‍රකාශය කැරොලයින් ජූරි විසින් සිදුකළ ප්‍රකාශයයි.. ” මම පොඩි කාලෙ හුඟක් කරදරවලට මුහුණ දුන් කෙනෙක්. ඒ නිසාම මට විෂාදය කියන රෝගී තත්වය හැදිලා තිබුණා. එහි ප්‍රතිඵලයක් විදියට මම සියදිවි හානි කර ගන්නත් උත්සාහා කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම මගේ ඉදිරි වසරක කාලය ලෝක විවාහක රූ රැජිණ විදියට ලෝකය පුරා මානසික පසුබෑමෙන් සිටින දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් මගේ සේවය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. “
ඉතිං ම්ලේච්ඡයිනි මේ නුඹලාට වැළලීමේ කාලයකි.. සමාජය ලෝකය ගමන් කරනුයේ මනුෂ්‍යත්වයේ මල් පිපෙන දිශානතියට…
– තුසිත පතිරණ –
2019/12/09