ඹෟෂධ වට්ටෝරුවල තනි වචනයේන් සදහන් ඔසු දැන ගැනීම සදහා
- දෙදුරු : සුදුදුරු ,කළුදුරු
- දෙමොද : මහා අසමෝදගම් ,හීන් අසමෝදගම් හෝ කොරසානි
- දෙකසා : වියළි කහ ,වෙනිවැල්ගැට
- දෙසඳුන් : සුදු හඳුන් ,රත් හඳුන්
- තිකුළු (තිකටුක) : වියළි ඉඟුරු ,ගම්මිරිස්, තිප්පිලි
- තිපල් : අරළු, බුළු ,නෙල්ලි
- තිපල් සුවඳ : සාදික්කා මද, එන්සාල්, කරාබු නැටි
- තිවග : කරාබු නැටි, සාදික්කා මද, වසාවාසි
- ත්‍රිමධුර : ගිතෙල්, මී පැණි, සීනි
- ත්‍රිජාත : එන්සාල්, කුරුඳු පොතු, කොල්ලන් කොළ
- ත්‍රිලවණ : ගල් ලුණු, ලේවා ලුණු, සවිඳ ලුණු
- ත්‍රිසම : අරළු, වියළි ඉඟුරු, උක් හකුරු
- ත්‍රිසුගන්ධ : ත්‍රිජාතම වේ.
- ත්‍රික්ෂාර : සර්වජික්ෂාර, යවක්ෂාර, පුෂ්කර
- චතුර්ගන්ධ : සඳුන්, කපුරු, කොකුම්, තුවරලා නොහොත් කුරුක් තෙල්, තුවරලා, යොන්පුප් කොකුම්
- චතුර්ජාත : එන්සාල්, කුරුඳු පොතු, කොල්ලන් කොළ, නාමල් රේණු
- චතුර්විධපර්ණී : හල්වැන්න, පුස්වැන්න, මුස්වැන්න, මුංවැන්න
- චතුරම්ල : ගොරකා, සියඹලා, ඇඹුල් දොඩම්, දෙහි
- චතුරූෂණ : තිකුළු සහ තිප්පිලි මුල්
- පංචාම්ල : ගොරකා, සියඹලා, ඇඹුල් දොඩම්, ලප්නාරං දෙහි හෝ නාරං
- පංච ලවණ : ලේවා ලුණු, සුවස ලුණු, සවිඳ ලිණු , බළල් ලුණු, උද්භිද ලුණු
- පංචකෝල හෙවත් පස්කුළු : තිප්පිලි, තිප්පිලි මල්, සිවිය, රත් නෙටොල්, වියළි ඉඟුරු
- පංචාංගය : පොතු, කොළ, මුල් , ගෙඩි, මල්
- පංච පොතු : නුග, දිඹුල්, ඇසතු, පුලිල, ගොරකා යන මෙවායේ පොතු
- ෂඩුෂණ : පංචකෝල සහ ගම්මිරිස්
- අෂ්ටමූත්‍ර : මී ගව, එළු, බැටළු, කොටළු, අශ්ව, ගව, ඔටු, ඇත් යන මොවුන්ගේ කිරි / මුත්‍ර
- අෂ්ට කවණ : සුවඳ,සවිඳ,කළු,ලේවා,මැටි,බළල්, උද්භිද, රෝම යන ලුණු
අපේ පලවෙනි ලිපිය තමා මෙක හෙල වෙදකම පිලිබදව
දිගටම එකතුවෙලා ඉන්න අපේ වෙබ් අඩවියත් එක්ක
තවත් අලුත් ලිපියකින් හමුවෙමු
මුස්වැන්න කියන්නේ මොනවාද..
Mussaenda frondosa
Family: Rubiaceae
මුස්සැන්ද, මුස්වැන්න, වැල් බුත්සරණ
https://bocca.wtf/wp-content/uploads/2020/09/69.jpg
මුලත්ති වර්ග මොනවාද
එහෙම එකක් නැ ප්‍රශ්නේ හරිද ?
දෙව්දුරු කියන්නෙ මොනවාද ? (දුරු වර්ගයක්)
දෙව්දුරු කියන්නෙ ? (දුරු වර්ගයක්)
දේවදුරු – සූදුරු වලට වඩා පොඩ්ඩක් ලොකුයි