සැබෑ සටන් කරුවක් කී බෝඩ් තුලින් බිහි නොවෙයි. සටන තුලින්ම බිහි වෙයි. පිරුණු කලේ දිය නොසැලෙයි. යමෙකු යම් ශිල්පයක් යම් ගැඹුරකට නිවැරදිව හදාරා ඇත්ද, ඔහු එහි සැබෑ ගැඹුර දැන ගනී. කිසිවිටෙකත් අන් සටන් ක්‍රම හෑල්ලු නොකරයි. කට මැත නොදොඩයි. තමාගේ සීමාව දැනගෙන කටයුතු කරයි. තමා උගතාය ජගතායැයි පුරසාරම් නොදොඩයි. තමා ඉගෙන ගෙන ඇති ප්‍රමාණයත්, තව තමන්ට ඉගෙනීමට ඇති ප්‍රමාණයත් හොඳින් අවබෝධ කර ගනී. එක් සටන් කලාවකට කොටු නොවෙයි. විවිධාකාර වෙනස් වූ සටන් කලාවන් ගවේෂණාත්මකව අධ්‍යයනය කරයි. එයින් ප්‍රයෝජනවත් දේ උකහා ගනී. ප්‍රයෝජනවත් නොවෙන දේ බැහැර කරයි. රාමුවකට කොටු නොවෙයි. අන් අයට ගරු කරයි. ගමන් කිරීමේදී අන් අයට තමන් සටන් ශිල්පියෙකු යැයි හැඟෙන ආකාරයට සිතා මතා නොඇවිදියි, නොහැසිරෙයි. නිහතමාණීව ජීවත් වෙයි. තම ගුරුවරයාටත්, වයසින් සහ අත්දැකීමෙන් තමන්ට වඩා වැඩි අනෙකුත් ශිල්පවල සහ තමන්ගේ ශිල්පයේම අන් ගුරු කුලවල ගුරුවරුන්ටත්, සහෝදර ශිෂ්‍යයින්ටත් එකසේ ගරු කරයි. සෑම විටම ඉවසයි. යමෙකුගේ සුලු තල්ලු කිරීම්, බැනවැදීම්, සුලු පහරදීම් හමුවේ නිහඬ වේ. සැබෑ ජීවිතයේදී සටනට ඇදී නොයයි. තමා ඉගෙන ගත් ශිල්පය සමාජය හමුවේ ප්‍රදර්ශනය කිරීම සඳහා අන් අයව හිංසාවට පීඩාවට පත් නොකරයි. හැකි සෑම විටම සටන ප්‍රතික්ෂේප කරයි. සටන මගහරී. ආත්මාරක්ෂාව උදෙසා පමණක්ම තමන් උගත් දෑ යොදා ගනී. සටනේදී කෝප නොගනී. ඉවසීමෙන් සහ උත්වේගකාර තෘප්තියකින් සටන් කරයි. කිසි විටෙක වෛර නොකරයි. සටනේදී ප්‍රතිවාදීන්ට මෛත්‍රී කරයි. කෝපයෙන් සටන් නොකරයි. තමාගේත් ප්‍රතිවාදියාගේත් දෙදෙනාගේම ජීවිත ආරක්ෂා කරයි. තමා හට හානි පැමිණවීමට එන ප්‍රතිවාදීයා හට අඩු හානියක් සිදු කර මෙල්ල කර ගනී.(පහරකින් හෝ දෙකකින්) සැමවිටම නිහතමානීව සමාජයේ අන් අදහස් වලට ගරු කරමින් ජීවත් වෙයි.

තෙරුවන් සරණයි

2 Replies to “සැබෑ සටන් කරුවන්”

  1. සුපිරි බන් දිගටම කරගෙන පලයන් නවත්තන්න එපා

Leave a Reply

Your email address will not be published.