ස්කොට් අඩ්කින්ස් නොහොත් අපි හැමදෙනාම දන්න යූරි බොයිකා ……

මගෙ ආසම සටන් ශිල්පියා සහ ඔහු වගේ වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්න නිසා ඔහු ගැන කතා කරන්න හිතුනා.

ඔහු 1976 ජූනි 17 වන දින ස්කොට් එඩ්වර්ඩ් අඩ්කින්ස් නමින් එන්ගලන්තයේදී මස් වෙලදාම් කරන මවකට සහ පියකුට දාව උපත ලැබීය .

ඔහු වයස දහයක් වන විට ඔහු ජීවත් වූ ප්‍රදේශයේ පිහිටි ජූඩෝ සටන් කලා පාසලකට ඔහුගේ පියා සහ වැඩිමහල් සහෝදරයා සමග යෑමත් සමග ඔහුගේ සටන් කලා දිවිය ආරම්භ වූ බව සදහන් වේ .

අවුරුදු 13 දී ඔහු සටන් කලා පිපාසය සන්සිදුව ගැනීම පිනිස ටයිකොන්ඩෝ ඉගෙනීමට පෙළඹී තිබෙන අතර වයස 19 දී තම ප්‍රතම කලු පටිය ලබාගෙන තිබේ.

ඒ අතරම ඔහු කික්බොක්සින් පුහුනුවීම් අන්තෝනි ජෝන්ස් යටතේ හැදෑරීය.

තවදුරටත් ඔහු නින්ජුට්සු,ක්‍රාව් මාගා,කරාටේ ,වූශු,ජිජිට්සු සහ මුආයි තායි හදාරා තිබෙන බව සදහන් වේ .

තවද මොහු හොදම සටන් නලුවාට හිමි සම්මාන තුනකට හිමිකම් කියයි.

මොහු උගත් සියලුම සටන් කලා වල මොහු ප්‍රවීනයෙකු බව සදහන් වේ .

ඉතින් කව්රුත් දන්න යූරි බොයිකා පිලිබඳ මා දන්නා කරුනු මෙසේ ඉදිරිපත් කරන්නේ මාද ඔහු වැන්නෙක් වීමට මහත් සේ ආසාවෙන් කටයුතු කරන නිසාය.

Leave a Reply

Your email address will not be published.