වර්තමානයේ දී ලොව සෑම ජන කොට්ටාශයකම විවිධාකාර ගැටුම් නිර්මාණය වී ඇත්තෙ මිනිසා තවත් මිනිසෙකුට අවනත වීමට දක්වන අකැමැත්තයි කෙසෙ නමුත් දුරාතීතයේ සිට පැවත එන එම ගැටුම් වර්තමානයේ දී සමාජ වියසනයෙන් බැහැර වී තමන්ගේ ස්වයං ආරක්ශක ක්‍රියාදාමයක් ලෙස පත්කර ගැනීම ඇතමුන් ක්‍රියා කරයි එය ආත්මාරක්ෂක සටන් කළාවේ ආරම්භ යයි…

මේ වන විට ස්වයං ආරක්ශක කළාව නොහොත් ආත්මාරක්ෂක සටන් කළාව තම ආරක්ශාවට අමතරව යුධමය ක්‍රියා වලට , නීතිය ආරාක්ශවට , මානසික සහනය ලබා දීම , ආධ්‍යාත්මික ගුණ වගාව සහ කිසියම් ජන කොට්ටාශයක සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීමට ආදී කටයුතු සදහා යොදා ගනී ආත්මාරක්ෂක සටන් කළාව යනූ තමාගේ ආරක්ෂාව සදහා යොදා ගනු ලබන පුහුණුවකි..බොහෝවිට ආයුධ රහිතව හෝ සහිතව යම් උවදුරකදි තම ආරක්ශාව සහ තමාගේ ආදරනීයන්ගේ ආරක්ශාව සපයා ගැනීම එහි මූලික අරමුණයි

කිසි විටෙක එය සටන් ක්‍රීඩාවක් නොවෙ…

සටන් ක්‍රීඩාවක් යනු පිහිණුම් තටාකයක පිහිනනවාට සමාන කළ හැකිය
ආත්මාරක්ෂක සටන් කලාව ගංවතුරක පිහිනනවාට සමාන කල හැකිය

පිහිණුම් තටාකයක පිහිනන එකේ අවසන් අරමුණ ජයග්‍රහණය හෝ පරාජය වේ

ගංවතුරක පිහිනීමේ අවසාන අරමුණ කෙසේ හෝ තම ජීවිතය බේරා ගැනීමයි

ලංකාවේ බොහෝ දෙනෙකු සටන් කලාවක ගුණාත්මක බව මනින්නෙ යූටියුබ් වීඩියෝ හරහාය

නැතිනම් නීතී වලට කොටු වී තිබෙන සටන් තරගයකින් ජයග්‍රහණය කරන පාර්ශවයේ සටන් විදි වලින්‍ ය

ලෝකයේ හොදම ආත්මාරක්ෂක සටන් කළාව කුමක්ද?

ලෝකයේ කිසිම ආත්මාරක්ෂක සටන් කළාවක් හොද නැත මන්ද ලෝකයේ ඇති සියලු සටන් කළා හොදය සටන් තරග වලින් කළාවක ගුණාත්මක බව මනින්නන්ට මේ පිළිබඳ ගැටලු ඇති වීමට ඉඩ ඇත

ලෝකයේ ඇති සියලුම සටන් කලා නිර්මාණය කර ඇත්තේ කිසියම් හේතුවකටය එහි මුල් නිර්මාන කරු ඒ බව හොදින්ම දනී ඔහු පාර කපා අවසන්ය අපට ඇත්තෙ ඒ පාරේ ගමන් කිරීමටය

තමන් කුමන සටන් කළාවක් හැදෑරුවත් කිසිම වැඩක් නෑ පුහුණු වයි, කැපවීමයි ,උනන්දුවයි නැති නම්

අනෙක් ප්‍රධාන සාධකය තමයි අනිත් සටන් කළාවන්ට ඇති ගරුත්වය

කුමන සටන් කළාවක් හැදෑරුවත් වැඩක් නෑ ප්‍රායෝගික සත්‍ය සටනකදී තමා ඉගෙන ගත් ශිල්පය ප්‍රායෝගිකව භාවිතා කිරීමට තමන්ට තේරෙන්නේ නැත්නම් එයට මූලික හේතුව තමන්ගේ හිතේ ඇති බයයි බය නැති කර ගන්න

නැතිනම් සෑමදාම ඔබට සිදුවන්නෙ තමන්ගේම සටන් කලාව හදාරන තමන්ගේ සටන් සාමාජිකයා සමග හෝ තමන්ට වඩා දුර්වල ශරීර ඇති පුද්ගලයන් සමග සෑමදාම සටන් කිරීමට ය

හොදින් පුහුණු වන්න සෑම සටන් කළාවකටම ගරු කරන්න අවංක වෙන්න යන සෑම තැනකම අනෙකාට අභියෝග කර තමන්ගෙ කළාව කරදර දාගන්න කළාවක් බවට පත් නොකරන්න අවංක වෙන්න අනකාගේ අදහස් වලට ගරු කරන්න නිහතමානී වෙන්න එදාට ඔබ දක්ශ සටන් කරුවෙකු වෙනවා නොඅනුමානය.

සෑම විටම ඔබ ඔබම වන්න

ඔබගේ හැගීම් ප්‍රකාශ කරන්න

ඔබව විශ්වාස කරන්න

කිසිවිටෙකත් සාර්ථක පුද්ගලයකු සොයා ගොස් ඔවුන්ව එලෙසින්ම අනුකරණය නොකරන්න

බෘස් ලී

2 Replies to “සටන් කළාව”

Leave a Reply

Your email address will not be published.