අද මන් කතා කරන්නේ මන් හදාරන සටන් කලාව ගැන……. ශෝටොකාන් කරාටේ ගැන.

ගොඩක් පැරණි සටන් කලාවක් වන මෙයවර්තමානය වන විට විවිධ වූ වෙනස්කම් වලට භාජනය වී ක්‍රීඩාවක් බවට පත් වී තිබේ.
ශෝටොකාන් නිර්මාතෘ ___ගිශින් ෆුනාකෝශි (1868 – 1957)සහ ඔහුගේ පුත් යොශිටකා ෆුනාකෝශි (1906 – 1945) එකල විශ්වවිද්‍යාලයයන් වල කරාටේ ගුරුවරයකු වූ ෆුනාකෝශි, ශෝටොකාන් ජපානය පුරා විශාල පෙරලියක් කරවිය.
හදුන්වාදීම___ 1938 ඔකිනාවා,ශොරෙයි රියු හා ශොරින් රියු යන සටන් කලා වල සන්කලනයක් ලෙස ශෝටොකාන් බිහිවිය. ඉන කරකවා පහරට විශාල බලයක් එකතු කරන සුවිශේෂ ක්‍රමයක් මෙහි අඩන්ගු වේ.
අඩු බලයකින් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට මෙම ක්‍රමය උපයෝගී වේ.
අපි මෙහි බෙල්ට්ස් පිලිබඳ බලමු.
10th kyu (white belt) 9th kyu (white belt) 8th kyu (yellow) 7th kyu (orange) 6th kyu (green) 5th kyu ( blue) 4th kyu (purple ) 3rd kyu (brown) 2nd kyu (brown ) 1st kyu (brown ) 1st dan (black )shodan
ෆුනාකෝශි කිසිදිනෙක තම ශිෂ්‍යයන් හට කලු පටි පස්වන ශ්‍රේනියෙන් ඉහල ශ්‍රේනියක් ලබා දී නොමැති බව සදහන් වේ.