Cisco Networking Academy කියන්නේ ලොකය පුරා තියෙන Education Academy යක් සහ පුද්ගලයින් සඳහා වන workforce development කරන වැඩසටහනකි. මෙය 1997 දී ආරම්භ කරන ලද Cisco Networking Academy එක අද වන විට රටවල් 180ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා Cisco Networking Academy 12000 වැඩි අතර 26000 කට වැඩි Certified උපදේශකවරු සිටින ආයතනයක් වේ. ඉතින් හිතලා බලන්නකෝ කොච්චර ව්‍යාප්ත වෙච්ච ආයතයක්ද කියලා.
ඇත්තටම මොකක්ද අපිට තියෙන වැදගත්කම මේ Cisco Academy එකකින්?
ඔබ දන්නවානේ මේ Cisco Networking Academies ලෝකේ රටවල් 180ක තියෙනවා කියලා, ඒ වගේම ලෝකය පුරා Cisco Networking Academies 12000කට වඩා පවතිනවා.. දනන්වද තවය දෙයක් මේ Cisco Academy වලින් මුළු ලෝකයම පිළිගන්නා Courses 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතරා ඒ හැම Course එකකටම ලොව පුරා පිළිගන්නා සහතිකපත්ද ලබා දේ.. ඔබ දන්නවද ඒ හැම Course එකකටම ලෝකයේ පිළිගන්නා Exam එකකුත් තියෙනවා කියලා.
හිතන්නකෝ ඔයා Cisco Networking Academy එකක තියෙන course එකක් කරන්න හදනවා කියලා, මොනවද අපිට කරන්න පුළුවන් course..
දන්නවද Cisco Networking Academy එකක කරන්න පුළුවන් courses 40කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා (හැබැයි හැම Academy එකකම ඒ 40ම නෑ හොඳේ) විවිධ කාණ්ඩයන් යටතේ තමා ඒ ඒ පාඨමාලා තියෙන්නේ.
1. Networking Courses
2. Security Courses
3. Internet of Things Courses
4. OS & IT Courses
5. Programming Courses
6. Business Courses
7. Digital Literacy Courses
දනන්වද මේ courses languages 24කින් සාදලා තියෙනවා කියලා.ඒ වගේම Cisco Academy එකක course එකක් කරන කෙනෙක්ට ඒ ඒ පාඨමාලාවට ගැලපෙන පාඨමාලා අන්තර්ගතය ඇතුළත් කරලා සියළුම විෂය කරුණු දාලා , සියළුම Activities ටික දාලා හොඳ Learning Management System – LMS එකක් හදලා දෙනවා.ඔයාලට එකෙන් ගෙදර ඉදන් හරි වැඩ කර ගන්න පුළුවන්..මොකද ඒ LMS එක හරි සරලයි. වැඩ කර ගන්න ලේසියි.
ඇයි අපි Cisco Networking Academy Course එකක්ම තෝරා ගන්න ඕනි.
පළමු දේ තමා Cisco Networking Academy ශ්‍රී ලංකාව ඇතුළත්ව ලෝකේ පුරා රටවල් 180ක පවතිනවා. ඉතින් ඒවාගේ තැනකින් Networking course එකක් කරනවා කියන්නෙම මාරම වැදගත්.. මොකද මේ course වල syllabus එක හදන්නේ Cisco එකෙන්මයි සතියකට සැරයක් global Trends Check කරලා global Education Market එකට ගැළපෙන syllabus එකක් තමා එයාලා develop කරන්නේ. ඉතින් කවදාවත් පරණ දේවල් නෑ ඒ ඒ syllabus වල.
IT , Networking සහ Security කියන්නෙම ඉවර වෙනකම් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි අපි ඉගෙන ගන්න ඕනි. ඉතින් අපිට Self ඉගෙනගන්න ඕනි දෙයක්. ඉතින් daily සහ weekly update වෙන syllabus එකක් තියෙන තැනකින් ඉගෙන ගන්න එක තමා වැදගත්.
දෙවෙනි කරුණ තමා Cisco Networking Academy එකක් ඉගෙනගද්දී අපිට හම්බෙන Certificate එකේ ජාත්‍යන්තර පිළිගැනීම. මොකද රටවල් 180කම මම මේ කථා කරන Cisco Networking Academy තියෙන නිසා මොන රටකින් ඔයා ඉගෙන ගත්තත් ඉගෙන ගන්නේ එකම syllabus එකයි. හැබයි භාෂාව විතරයි වෙනස් වෙන්නේ.ඉතින් කොහෙන් ඉගෙන ගත්තත් හම්බෙන Academy Certificates වල Recognition එකනම් සමානයි.
තුන්වැනි දේ තමා හිතන්නකෝ ඔයා Cisco Academy එකක මොකක් හරි Course එකක් කරනවා කියලා. අන්න ඒ course එකටම Academy Exam එකුත් තියෙනවා.ඒ වගේම Internationally exam එකකුත් තියෙනවා කියලා. ඔයා Cisco Academy එකක ඉගෙන ගත්තොත් ඔයාට අර International Exam එකට Discount එකක් හම්බෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් මෙන්න මේ International Exam ” Implementing and Administering Cisco Solutions – 200-301 CCNA ” වෙනුවෙන් අපිට Cisco Academy එකක තියෙනවා CCNAv7 කියන Academy Program එක අන්න ඒ course එක Successfully Completed කළොත් ඔයාට 200-301 exam එක වෙනුවෙන් මුළු Exam Fee එක ඇමරිකානු ඩොලර්195ක් වෙනවා.. හැබැයි Cisco Academy Discount එක යටතේ ඇමරිකානු ඩොලර් 125කට exam එක කරන්න පුළුවන්.
හතරවෙනි දේ තමා Cisco Academy එකක උගන්වන්නම් අනිවාර්යෙන්ම Cisco Certified Academy Instructor කෙනෙක් වෙන්න ඕනි. ඒ වගේම එයාලගේ Qualifications Check කරලා තමා එයාලව බඳවා ගන්නේ. ඒ වගේම ඒ academy instructor සෑම අවුරුදු තුනකට සැරයක් Evaluate කරනවා Cisco එකෙන්ම ඇවිත්. ඒවගේම Academy course එකක් අවසානේ Final exam එකේදී Instructor ගැන අහලා වෙනම feed back ගන්නවා. ඉතින් උගන්වන කෙනාගේ හොඳ මත තමා ඉගෙන ගන්න අය Feedback එකක් දෙන්නේ. ලමයිනේගේ feedback මත උගන්වන Instructorලව rate කරනවා, award හම්බෙනවා.හොඳම Academy එක තෝරනවා.
පස්වෙනි කරුණ තමා ඔයා Cisco Academy එකක ඉගෙන ගෙන ඒ academy course එක pass වෙලා certificates එක හම්බුනා කියලා. හැබැයි කොහොමද ඔයාගේ ඔය certificate එක original ද කියලා ඔප්පු කරන්නේ. ප්‍රශ්නයක් නේද එකනම්.. බය වෙන්න එපා එකට තියෙනවා Cisco ලගේ options දෙකක්. පළමු එක තමා Cisco Certificates Tracking system එක. අනිත් එක තමා ඔයා කරන course වලට Digital Badge එකක් හම්බෙනවා.. ඉතින් දැන් හරිම ලෙසයි ඔයාගේ Validity එක ඔප්පුකරන්න.
එතකොට ලංකාවෙත් Cisco Academy තියෙනවද?
අම්මෝ ඔව් තියෙනවා ඊට කලින් කියන්න ඕනි Cisco Networking Academy වල Category තියෙනවා
පළමු එක තමා Academy Support Center – ASC
දෙවැනි එක තමා Instructor Training Center – ITC
අන්තිම එක තමා Cisco Academy – CA
ඉතින් ඔහොම ලංකාවේ මුලින්ම පටන් ගත්තු Academy එක තමා Sri Lanka Institute of Information Technology – SLIIT මෙයාලා Cisco Academy වගේම ලංකාවේ Academy Support Center එක. අපි බලමු ලංකාවේ දැනට තියෙන Cisco Networking Academy මොනවද කියලා.
01. Sri Lanka Institute of Information Technology (Gte) Ltd
02. Vocational Training Authority of Sri Lanka
03. University of Moratuwa
04. National School of Business Management
05. General Sir John Kotelawala Defense University
06. Information Technology Center, University of Peradeniya
07. National Youth Services Council-LAVTC
08. South Eastern University of Sri Lanka
09. University of Colombo School of Computing
10. University of Jaffna
11. University of Kelaniya
12. University of Sri Jayewardenepura
13. University of Vavuniya
14. Department of Electrical and Information Engineering, Faculty of Engineering, University of Ruhuna
15. Sri Lanka Technological Campus
16. Academy for ICT Training and Skills Development
17. Center for Research and Development, Ministry of Defence
18. Employers’ Federation of Ceylon Training for PWD
19. Sri Lanka Air Force
20. Sri Lanka Navy
අපි ඊළඟ post එකෙන් බලාපොරොත්තුවෙන් ඉමු Cisco Academy එකක ඉගෙන ගන්න තියෙන Courses මොනවද කියලා.පුලුවන්නම් තවත් කෙනෙක්ට , ඉගෙන ගන්න කෙනෙක්ට බලන්න share කරමුද..
එහෙනම් ඔබට ජය.
විශේෂ ස්තූතිය, Yasiru Nirmala (Cisco Academy Instructor)
Hamea thanama heuwa meka gana oyalage blog eken thama hariyatama wenne mokakda kiyala danaganna puluwan une 😍😘😘😘