මොකක්ද මේ CISCO කියන්නේ ?

Network ඉගෙන ගන්න ආස අයට වැදගත්ම දෙයක් තමා අද කතා කරන්න යන්නෙ. මොකද්ද මේ CISCO කියන්නේ ?

IT කියන්නේ දැන් ලංකාවේ තියන trending ම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ. Google trends වලට ගිහින් C, C++, Java, HTML, CSS, Android මේ වගේ IT related වචන බැලුවොත් හුගක් වෙලාවට list එකේ උඩම ලංකාව ඉන්නවා. C, C++ වගේ වචන වලට උඩම ඉන්නේ අපේ මේ පුංචි රට. ඉතින් මන් හිතන්නේ ලංකාවේ කාලෙන් කාලෙට එක එක trends ආවට ලංකාවේ තියන most trending මාතෘකාව IT කියල තමා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ IT faculties, IT courses තියන තරමෙන්ම ලංකාවේ අපිට තියන IT පිස්සුව හොදට තේරෙනවා. ඒ කොහොම උනත් ලංකාවේ IT field එක කිවුවම හැමෝගෙම ඔලුවට එන දේ තමා Software Engineer කියන වචනය. හැබැයි ලෝකේ තියෙන්නේ Software Engineering විතරද? ලංකාවේ ඉන්නේ Software Engineers ලා විතරද? අන්න ඒ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් මෙම ලිපියෙන් අපි ඔබවෙත ගෙන එනවා.

ලංකාවේ තියෙන්නේ Software Engineering විතරද කියල. නැහැ ලංකාවේ SE ඒ කිව්වේ Software Engineering වලට අමතරව වෙනත් IT related field වල අති දක්ෂයෝ ඉන්නවා. කොහම උනත් ලංකාවේ IT කිව්වම අපේ ඔලුවට එන්නේ SE තමා. මේ post එකෙන් කතා කරන්නේ IT field එකේ තියන වැදගත්ම කොටසක් වන Networking ගැන. එකෙත් ගොඩක්ම දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CISCO certifications ගැන. ඔයා Networking වලට අලුත් කෙනෙක්නම් මේක ඔයාට ටිකක් අමුතු ඇති. CISCO කියන වචනේ ඇහුවෙත් සමහරවිට අදම වෙන්න පුළුවන්. එත් මේ post එක හොඳට මුල ඉඳන් අගටම කියෙව්වොත් ඔයාට CISCO certifications ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.

කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. ඒ කියන්නේ හරියට apple කියන්නේ mobile phone හොඳ Brand එකක් වගේ CISCO කියන්නේ networking field එකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. CISCO company එක ප්‍රධාන වශයෙන් කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provide කරන එක කියල කියන්න පුළුවන්. Network වලට හැමදේම කරන හැමදේම හදන එකම Company එක තමා Cisco කියන්නේ.CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල.

එතකොට මේ ඇමරිකාවේ තියන company එකක් ගැන කිවුවට අපිට වැඩක් නැහැනේ කියල ඔයාලට හිතුන වෙන්න පුළුවන්. ඔවු හැබැයි මේ CISCO company එක certificate එකක් issue කරනවා. හරියට Java වලට Oracle certificate තියනවා වගේ. එකක් කිවුවට CISCO ල certificate ගොඩක් issue කරනවා. මේ CISCO certificate එකක් තියන කෙනෙක් වෙනවා කියන්නේ networking industry එකේ ඉතා ඉහල පිළිගැනීමක් තියන කෙනෙක් වෙනවා කියන එක. හරි අපි දැන් බලමු මොනාද මේ CISCO issue කරන certificate කියල.

CISCO certificate issue කරන ප්‍රධාන path 05 ක් තියනවා. (ඉස්සරනම් 10ක් විතර තිබුණා)

  • Collaboration
  • Data Center
  • Enterprise Network
  • Security
  • Service Provider

මේ හැම path එකේම එක එක level තියනවා. හුගක් වෙලාවට level 3ක් තියනවා. level 4ක් තියන ඒවත් තියනවා. ඒ කියන්නේ හරියට NVQ certificate වගේ. එක එක course තියනවා වගේම ඒවාට එක එක level තියනවා. NVQ-3 , NVQ-4 වගේ.

මේ certificate අතරිනුත් වැඩියෙන්ම මිනිස්සු කරන certificate එක තමා Routing and Switching certificate එක. ලංකාවේ මේ course එක කරන්න තැන කිහිපයක්ම තියනවා. එත් ඒ දේවල් ඉගනගන්න තියන සිංහල resources ඉතාම අඩුයි. ඉදිරි ලිපි මාලාවකින් CISCO Routing and Switching (දැන්නම් මේ නම වෙනස් වෙලා තියෙන්නේ හොඳේ) ගැන අපි කතා කරනවා. දැන් බලමු අපි කොහොමද මේ certificate එකක් ගන්න ආකාරය.

ලංකාවේ CISCO course එකක් කරන්න පුළුවන් අධ්‍යාපන ආයතන කිහිපයක්ම තියනවා. අපි ඒවාට කියනවා Cisco Networking Academy එකක් කියලා.හැබැයි මේ තැන් වලට ගියා කියල ඔයාලට CISCO certificate එකක් ගන්න බැහැ. මොකද මේ කාටවත් බලයක් නැහැ certificate එක issue කරන්න .මේ Cisco Networking Academy වලට පුළුවන් වෙන්නේ Academy Certificate එකක් issue කරන්න විතරයි.හැබැයි Cisco Academy එකක ඉගෙන ගන්න කොට ලොකූ benefits ටිකක් තියෙනවා ඒවා කථා කරමු අනිත් කොටසේදී.හැබයි කවුරු හරි මුලින්ම Cisco ඉගෙන ගන්න එනවනම් එයාලට හොඳම තැන තමා Cisco Networking Academy එකක්..මේකත් හරියටම අපි ඒ ලෙවල් කරනවා වගේ. මම එහෙම කිවුවේ අපි ඒ ලෙවල් වලට ඉගන ගන්න private class යනවනේ. හැබැයි ඒ class වල සර්ලට බැහැනේ අපිට ඒ ලෙවල් certificate එක දෙන්න. මේකත් ඒ වගේ තමා. අපි ඔය උඩ සඳහන් කරලා තියන තැන වලට ගිහිල්ල ඉගන ගත්තට අපිට CISCO company එකෙන් දෙන exam එක කරන්න සහ ඒ exam pass වෙන්න ඕනෙ CISCO certificate එක ගන්නනම්.

හැබැයි මේ exam හිතන තරම් ලේසි exam නම් නෙවෙයි. හැබැයි ඔය මහන්සි වෙලා වැඩ කරනවානම් එච්චර අමාරුවකුත් නැහැ. ඔයාට එක එක level වලට වෙන වෙනම exam කරන්න වෙනවා. සාමාන්යෙන් එක path එකක Level 3ක් තියනවා. අපි CISCO Routing and Switching උදාහරණයට ගම්මුකො. එකේ ප්‍රධාන වශයෙන් Level 3ක් තියනවා.දැන් මේවා ඔක්කොම වෙනස් උනා.

  • CCNA – CISCO Certified Network Associate
  • CCNP – CISCO Certified Network Professional
  • CCIE – CISCO Certified Internet-work Expert

හැබයි දැන් මේක මෙහෙම වෙනස් වෙලා තියෙනවා..

  • Entry Level
  • Associate Level
  • Specialist Level
  • Professional Level
  • Expert Level
  • Architect Level

ඔය ටික තමා levels . එතකොට ඔය හැම level එකටම exam තියල ඒක pass වෙන අයට තමන්ගේ නමට යටින් ඔය certificate එකේ නම දාගන්න පුළුවන්. CCNA exam එක pass වෙනවා කියන්නෙත් සැලකියයුතු තරම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට ඒක HND (Higher National Diploma) එකක් වගේ සලකන්න පුළුවන්.

ඊට පස්සේ CCNP එක BSc degree එකක් ගත්ත වගෙත්, CCIE written exam එක MSc එකකටත්, CCIE lab exam එක PhD එකක් ගත්ත වගෙත් සලකන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙනවනේ මේ certificate එකේ තියන වටිනාකම. ඔයා සාමාන්‍යපෙළ පවා fail උන කෙනෙක් උනත් ඔයාට CCIE level එකට එන්න පුළුවන් කියන්නේ ඔයා PhD එකක් ගත්ත කෙනෙක් වගේ තමා. මොකද ඔයා exam එක කරන්න යද්දී එයාල කවදාවත් ඔයාගේ A /L certificate එහෙම බලන්නේ නැහැ. ඔයාට exam එක pass වෙන්න පුලුවන්නම් එච්චරයි.

ඊළඟට exam තියන විදිහ ගැන කතා කතා කලොත් මේකේ ලියන exam වගේම lab exam තියනවා. ඒ කියන්නේ තේරෙන විදිහට කියනවනම් practical තියනවා කියන එක. මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන CCNA ගැන කතා කලොත් CCNA level එකේදීනම් ඔයාට තියෙන්නේ ලියන exam එකක් විතරයි හැබයි පොඩි practical ප්‍රශ්ණ වගයක් තියෙනවා. CCNP වලදීත් එහෙමයි මේකෙදිත් practical ප්‍රශ්ණ තියනවා හොඳද. ඔයාට lab exam තියෙන්නේ CCIE level එකේදී. CCIE වලදී ඔයාට ලියන exam වගේම lab exam එකකුත් තියනව.

මොකක්ද මේ Cisco Networking Academy එකක් කියලා කියන්නේ එක ඊළඟ ලිපියෙන් බලාපොරොත්තුවෙන් සිටින්න.

විශේෂ ස්තූතිය, Yasiru Nirmala (Cisco Academy Instructor)

This Post Has One Comment

  1. Gehan

    😍😍😍😍😍

Leave a Reply