මොකද්ද ‍‍මේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය.. ඇයි අපි එය දැනගත යුත්තේ…

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ශ්‍රි ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වගන්ති මගින් සිවිල් වැසියෙකුට දීල තියෙනව තමන්ගේ ආරක්ෂාව තමාට සපායගත හැකි අන්දමේ අවස්ථාවක්. සටන් කලාවක් කරන හෝ නොකරන කාහට වුවත් මෙම අයිතිය පිළිබඳ දැන ගැනීම ඉතාම වටිවි කියල හිතුන නිසා ඒ පිළිබඳව පලකරන්න අදහස් කළේ, බොහෝ විට සටන් කලාවක් හදාරන කෙනෙක්ගෙන් එය හදාරන්නෙ ඇයි කියල ඇහැව්වොත් අපිට විවිද උත්තර ඒ අයගෙන් ගන්න පුළුවන්.තරග කරල පාසලට, සංගමයට, රටට කීර්තියක් අත්කර දෙන්න, තමන් ශුරයෙක් කියන අභිමානය ඇති කරගන්න, කායික මානසික සමබරතාවට , ශරීර සුවතාවට යන නොයෙක් දේ ඔවුන් පවසන්න පුළුවන්. හැබැයි සටන් කලාව හදාරන කෙනා දැනගතයතුම කාරණය තමයි පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වෙනුවෙන් තමන් කෙසේ ක්‍රියා කළයුතු ද එසේ ක්‍රියා කරන්න තමන්ට ඇති නීතිමය ඉඩ කොතෙක් ද .තමන් හදාරන සටන් ක්‍රමය ඒ වෙනුවෙන් භාවිතා කරන්නෙ කෙසේද කියන කාරණය.

පුද්ගලික ආරක්ෂාවේ අයිති පිළිබඳව නොදැන සටන් කලාව හදාරනවනම් එය එතරම් සුබදායිවන්නෙ නැත. මන්ද කිසිම කෙනෙකු සමග ගහගන්න ඔබට නීතිමය අවසරයක් ලැබි නැති කිසා. ගහගැනීමට නීතිමය ඉඩක් ඇත්තේ තරග වලට පමණයි. එයද ලංකාවේ පවතින නීති රාමුවට පටහැනි නොව ආකාරයට. ඒ නිසා ඔබ දන්නව තරගයකදී සටනක් සිදුවෙනවනම් සටන් කරුවන්ගේ බර / සෞඛ්‍ය ත්තවය වගේ දේවල් බලනව සටන නිරීක්ෂණය කිරීමට බලයලත් නිළධාරීන් සිටිනව තරගයක දී ඔබට කිසිම විටකවත් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන්න බෑ. එම නිසා තරගයක් දිහා බලන ස්වරූපයෙන් පුද්ගලික ආරක්ෂාවට ඇති අයිතිය දිහා බැලීම උචිත නැහැ.

‍‍මොදක්ක මේ පුද්ගල ආරක්ෂාවේ අයිතිය. මෙහි සඳහන් කරනව ‍‍මෙහෙම..

89 වගනිතිය දණ්ඩනීති සංග්‍රහය
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමේ දී කරන කිසිවක් වරදක් නොවේ…
මේ වගන්තිය දැක්ක ගමන් ඔබට හිතෙන්න පුළුවන් ඔබ අකමැති හෝ ඔබට කරදරයක් කරන්න එන ඕනම කෙනෙකුට පහර දෙන්න ඔබට අයිතිය තියෙනව කියල .. නැහැ එහෙම නැහැ .. එහෙම ඔබට කරදරයක් කරන්න එන කෙනෙකුට හිතුමතේට පහර දෙන්න ඉඩක් නැහැ. ඒ ඉඩ අහුරන ලද ප්‍රධානම අවස්ථාව තමයි 92 වගන්තියෙන් දීල තියෙන්නෙ .. 92 වගන්තිය සම්බන්ධව මුලික කරුණ මම මිට ඉහත දී මෙහි පළ කළා.

90 වගන්තිය.. 92 වගන්තයේ ඇතුලත් සීමාකිරීම්වලට යටත්ව පහත දැක්වෙන දේවල් ආරක්ෂා කරගැනීමට සෑම තැනැත්තේකුටම අයිතිය ඇත්තේය…
1. මනුෂ්‍ය ශරිරයට විරුද්ධව කෙරෙන යම් වරදකදී තමාගේ ශරීරය ද , වෙනත් තැනැත්තෙකුගේ ශරීරය ද ,
2 . සොරකම , කොල්ලකෑම , අනර්ථය කිරීම , හෝ සාපරාධී අයතු ඇතුල් වීම; හෝ සොරකමට , කොල්ල කෑමට , අනර්ථ කිරීමට හෝ සාපරාධී අයතු ඇතුල්වීමට තැත් කිරීමට පිළිබඳව විස්තර යටතේ වැටෙන වරදක් වූ ක්‍රියාවක දී තමාගේ හෝ වෙනත් තැනැත්තෙකුගේ චංචල හෝ නිශ්චල දේපළද වේ.

91 වගන්තිය… ( සිහිවිකල වුවෙකුගේ ක්‍රියාව ආදියට විරුද්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය)
යම් ක්‍රියාවක් කරන තැනැත්තාගේ තරුණ භාවය,බුද්ධිය මේරීමේ අඩුකම, සිහි විකල බව හෝ මත්කම නිසා ; නැතහොත් එකී තැනැත්තා කරුණු වරදවා තේරුම් ගැනීම නිසා නොවේ නම් ඒ ක්‍රියාව නියතයෙන් ම වරදක් වන අවස්ථාවක දී , ඒ ක්‍රියාව වරදක් වූ විටක ඇති පුද්ගලික ආරක්ෂාවේ අයිතියම, එම ක්‍රියාවට විරුද්ධව සෑම තැනැත්තෙකුටම ඇත්තේ ය.
‍මේක ටිකක් තේරුම් ගමු..
අපි හිතමු පිස්සු හැදුන කෙනෙක් පිස්සුව නිසා ඔබට පිහියෙන් අනින්න එනව ඔබට කෙනක් පිස්සු නැති කෙනෙක් පිහියකින් අනින්න එන අවස්ථාවේ දී ක්‍රිියාකිරීමට ඇති අයිතිය එපරිද්දෙන්ම අර පිස්සු මිනිසාට එරෙහිවද ඔබට ඇත. ඒකයි ඔය වගන්තියෙන් කියන්නෙ..

92 වගන්තිය
මෙහි කරුණක් මම මුලින් පල කළා. එහි ඇති තව එක් කරුණක් ඔබගේ අවධානයට යොමු කරන්නම්
92 ( 3)
ආණ්ඩුවේ බලධරයෙකුගේ රැකවරනය ලබා ගැනීමට කාලය තිබේ නම් , එබඳු අවස්ථාවක පුද්ගලික ආරක්ෂාවේ බලය නැත්තේය.

93 වගන්තිය
අයිතිය ක්‍රියාවේ යෙදවීමට හේතු වූ වරද පහත සඳහන් විස්තරවලින් යමකට වැටේ නම් , 92 වගන්තියේ සඳහන් සීමාකීරීම්වලට යටත්ව , පහර දෙන්නාට ඕනෑකමින් ම මරණය හෝ වෙනත් පීඩාවක් සිදුකිරීම් දක්වා ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පැතිරේ…

1. එසේ නොකළහොත් ප්‍රතිඵලය මරණය සිදුවීම ය යි සාධාරණ ලෙස අනුමාන කළ හැකි යම් පහර දීමක්;

2 එසේ නොකළහොත් ප්‍රතිඵලය බරපතල තුවාළවීම ය යි සාධාරණ ලෙස අනුමාන කළ හැකි යම් පහර දීමක්;

3 . ස්ත්‍රී දුෂණය කිරීමේ අදහසින් පහර දීමක්

4. අස්වාභාවික ලෙස කාමය සංසිඳවා ගැනීමේ අදහසින් පහර දීමක් ;

5 අපහරණය කිරීමේ හෝ පැහැරගෙන යාමේ අදහසින් පහර දීමක්

6. තමා නිදහස් කර ගැනීම සඳහා ආණ්ඩුවේ බලධරයෙකු වෙත ඉදිරිපත් වීමට ඉඩ නැති වන බව සාධාරණ ලෙස අනුමාන කිරීමට හැකි වන අවස්ථා යටතේ යම් තැනැත්තෙකු අයුතුලෙස සිරකර ගැනීමේ අදහසින් පහර දීමක්

මෙයින් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඔබට ඔබගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඇත්තේය…..

සටහන Sifu Premil Naveendra (National Director,Head of School,Chief Instructor at Wing Tsjun International Sri Lanka)

One Reply to “පුද්ගලික ආරක්ෂාවේ අයිතිය”

Leave a Reply to Udara Kalana Cancel reply

Your email address will not be published.