තමා වෙනස් කළ හැක්කේ තමාටම පමණි…..ඔයත් ආස දෙයක් කැමති දෙයක් කරන්න බෑ කියල පස්සට යන කෙනෙක් නම් අනිවාර්යයෙන් කියවන්න……..
ඕනෙම කෙනෙකුට පුලුවන් තව කෙනෙකුට ඕනෙම දෙයක් කියන්න අපි අවට ඉන්න පුද්ගලයන්ට අපිව ඉස්සරහට ගෙනියන්නත් පුලුවන් පස්සට ඇදල දාන්නත් පුලුවන් හැබැයි තව කෙනෙක් හදන්නෙ අපි කරන හරි දේට සහය වෙන්න ද වල කපන්නද කියල අපි අවබෝධ කර ගන්න ඕනෙ…….අපි හැමෝම කැමති හිනා වෙලා ඉන්න සතුටින් ඉන්න ඒත් අපිට හිනාව සතුට කවුරුත් දෙන්නෙ නෑ …..හිනා වෙන්න හේතු නැත්තම් හේතු හොයන් හරි හිනා වෙන එක තමන්ගෙ වැඩක් කෙනෙක් ඔයාට කියනව නම් ඔයාට මේක කරන්න බෑ ඔයා කොහොමද ඕක කරන්නේ අයියෝ ඔයා ලස්සනයි ද ඔයා උසයි ඇ ඕකත් කොන්ඩයක්ද ……..හොදට මතක තියා ගන්න මේ වචන තමයි ඔයාගෙ සාර්ථකත්වය ඔයාට කරන්න බෑ කියල තව කෙනෙක් කියනව නම් අනිවාර්යයෙන් කරන්න කරල පෙන්නන්න නෑ මට ඒක පුලුවන් කියල අපිව වට්ටන්න ඕන තරම් අය ඉන්නව අත දීල නැගිටපන් කියන්න කවුරුත් නෑ ඉන්නව තුන් දෙනෙක් ඉන්නව ඒ ඔයාගෙ පූර්ව දේවතාවො …ඒත් අනිත් කෙනා කවුද ඒ අනිත් කෙනා තමයි ඔයා ඔයාට අත දෙන්නෙත් ඔයා ඔයා වට්ටන්නෙත් ඔයාමයි ….
ඔයා මහන්සියෙන් ඉගෙන ගද්දි කියයි මිනිස්සු කොච්චර කරත් කැම්පස් යන්න බෑ කියල
ඔයා කැම්පස් එකට ගියාම කියයි කැම්පස් ගියා කියල රස්සා හැමෝටම නෑ කියල
ඔයා හොද රස්සාවක් කරද්දි කියයි ඕකත් ලොකු ජොබක්ද කියල
ඔයා හොද ගෙයක් හදල කාර් එකක යද්දි කියයි ඔව්ව නිකන් යකඩ ගොඩවල් විතරයි කියල
ඔයා කසාද බැන්දම එයාගෙ පරණ ගුණ වයයි මිනිස්සු
ඒත් හොදට මතක තියා ගන්න බල්ලො බුරන්නෙ අදුරන් නැති මනුස්සයන්ට ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් කියන්න පුලුවන් ඒත් හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියල අවබෝධ කරන් කටයුතු කරන්න ඕනෙ තමනුයි
මේ ලෝකෙ අපි අඩියක් හරි ඉස්සරහට එනවට හදවතින්ම ආදරේ කරනව නම් ආස කරනව නම් ආශිර්වාද කරනවනම් මම නම් හිතන්නෙ ඒ අම්මා තාත්තා විතරයි අපිට මේ ලෝකෙ හිනාවක් දෙන්න ඉන්නව නම් ඉන්නෙත් ඒ අය විතරයි ………
බෑ කියල හිතල පස්සට යන කෙනෙක් නම් අනිවාර්යයෙන් කරල බලන්න …..
ඔයාට ඕනෙ ම දෙයක් කරන්න පුලුවන් කියල ඔයාගෙම කියල ආදර්ශ පාඨයක් හදා ගන්න (උදා÷ ඔයා ඉන්ජිනේරුවකු වෙන්න ඉගෙන ගන්න කෙනෙක් නම් මං තමයි නිර්මාණශීලීම ඉන්ජිනියර් කියල හැමවෙලේම හිතන්න )
හැමෝටම හොදට සවන් දෙන්න තමන්ගෙ අරමුණ ට අවශය කරුනු එකතු කර ගන්න අනවශ්‍ය දේ බැහැර කරන්න
හැම මොහොතකම සිනහවෙන් කාලය ගත කරන්න
තමන්ගෙ අරමුණේ සාර්ථක ප්‍රථිපල හිතින් දකින්න විදින්න..
අවසාන වශයෙන් මට බැරි නම් කාටවත් බෑ කියල හිතන්න
ඔයාට කරන්න බැරි දෙයක් නෑ වට්ටන්න ඕනෙ කෙනෙකුට පුලුවන් ඒත් නැගිට්ටවන්න කවුරුත් නෑ …..
වැදගත් කියල හිතුන නම් අදහසක් අනිවාර්යයෙන් කියන්න වැරැද්දක් තියේ නම් ඒකත් අනිවාර්යයෙන් කියන්න ගොඩක් පිං කියෙව්වටම…
බුදු සරණයි ..
Thank you so much
🤗🤗
😘😍😍😍