චීනාඩි – ගතික ආත්මාරක්ෂාව පිළිබඳ කලාව

චීනාඩි ගැන මත රැසයි. එක ප්‍රබල මතයක් තමයි වයිරමුත්තු කියන දෙමළ ජාතිකයා මේ ක්‍රමය ආරම්භ කරා කියන එක. සරලවම කිව්වොත් බ්‍රිතාන්‍යය යටත් විජිතයක් විදියට අපේ රට (British Srilanka) පැවතුණ කාලේ නිර්මාණය කළ මිශ්‍ර සටන් කලා ක්‍රමවේදයක්. මේ තියෙන්නේ ඒ ගැන වයිරමුත්තු මහතා විසින්ම රචිත පර්‍ය්ශේණාත්මක කෘතිය.

එතුමා මීට “චීනාඩි” කියල නමක් දීල නෑ. කෘතියෙහි නාමයෙහි අරුත “විද්‍යාත්මක නිරායුධ සටන- ගතික ආත්මාරක්ෂාව පිළිබඳ කලාව”.

පොත තියෙන්නේ English වලින්. එකල ග්‍රාම්‍යය, නූගත් ජන ප්‍රජාව අතරට මෙම ක්‍රමය යද්දී ගැඹුරු අරුත් කථනයන් වෙනුවට සරල නාමයන් භාවිතා වුණා වෙන්න පුළුවන්. වයිරමුත්තු කියන්නේ උගත් මිනිසකු වුවත් මෙම ක්‍රමය පැතිරී ගියේ අප්‍රබුද්ධ ජනයා හරහා. කවුරුහරි මොකක්ද ඔයාගේ සටන් ක්‍රමය කියල ඇහුවොත් “විද්‍යාත්මක නිරායුධ සටන – ගතික ආත්මාරක්ෂාව පිළිබඳ කලාව”(The art of dynamic self defense ) වගේ බරපතල විදියට නමක් අදටත් කිව්වොත් තේරුම් ගන්නේ කී දෙනාද? ඊට වඩා සරලයි “චීනාඩි”. කියන එක. “ගතික” කියන වචනය ඉතා ගැඹුරින් විවරණය කරන්න පුළුවන්. සරලවම එන විවරණය තමයි “The actions involved body movements – ශරීර චලනයන් සම්බන්ධ ක්‍රියාවන්” කියන එක.

අපේ රටේ ග්‍රාම්‍යය බසෙහි(urban language) “මිනිහා අඩි,පුඩි දන්න මිනිහෙක්” වගේ අදටත් අපේ වැඩිහිටි ප්‍රජාව අතර භාවිතයක් තියෙනවා ටිකක් ගහගන්න දන්න චණ්ඩියෙක් ගැන එහෙම කියද්දී. ග්‍රාම්‍යය බසින් “අඩි” කියන්නේ තේරුම් රැසක් තියෙන වචනයක්. මේ “අඩි” කියන්නේ සටනකට අවැසි ශාරීරික චලන රටා. කොහොමත් මේ තුල “චයිනීස් කෙම්පෝ ක්‍රමය” වැඩි වශයෙන් මිශ්‍ර වෙලා තියෙන නිසා “චීනාගේ අඩිය – චීනාඩි” ලෙස කිව්වා.

හැබැයි මේක සම හරක් පිළිගන්නේ නෑ. එහෙම නම් ඊළගට බලන්න ඕනේ කරුණු දෙකයි. 1) මේ පොත එලිදක්වන්න කලින් චීනාඩි කියල එකක් තිබුණාද? 2) වත්මන් චීනාඩි ශිල්පීන් trace back (අතීතය විමසීමට ආපසු යාම) කිරීම.

එතනදී 1) තරමක් ගැටලු සහගතයි. මොකද දේශීය අංගම්පොර තහනමෙන් පසුව දියාරු වී ගිය ක්‍රමය හා වරායන් ඔස්සේ මෙරටට පැමිණි සටන් ශිල්පීන් වූ වෙලෙදුන් හරහා උගත් විවිධ උපක්‍රම ඔහේ මිශ්‍ර කරමින් ගහ ගත් උදවියත් පසු කල මෙම නම භාවිතා කරා. ඒ කියන්නේ වයිරමුත්තු decent systematic approach – යහපත් ක්‍රමානුකූල ප්‍රවේශයකින් යුතුව සටන් ක්‍රම මිශ්‍ර කරලා මෙම පර්‍යෙශණාත්මක කෘතිය ඉදිරිපත් කරාට පසුව, නමුත් ඔහුගෙන් නූ ගත් පිරිස්.

2) බලද්දී අන්තිමේට පස්සට ගිහින් බැලුවහම නවතින්නේ වයිරමුත්තු ගාව. ඒ අතර අපේ රටේ සටන් කලාවේ ශිල්පීන් ගේ ප්‍රසිද්ධතම නම් තියෙනවා.

ඊලගට බලන්න ඕනේ ටෙක්නිකල් බ්‍රේක්ඩවුන් එක. චීනාඩි වල සාමාන්‍යයෙන් එන සටන් නර්තනයන් මේ කෘතියේ නෑ. ඒකට හේතුව වයිරමුත්තු කියන්නේ ඒ කාලේ හිටපු realistic character එකක්.(යථාර්ථවාදී චරිතය). ඒ හැරණුහම එන සෘජු උපක්‍රම බලද්දී අපේ චීනාඩි ශිල්පීන් පෙන්වන ඒ හුරුව එහෙමම මේ පොතෙන් පෙන්වනවා.

“සත්‍යය යනු ඔබේ හිත ඉල්ලනා දේ නොවේ!!!!”

විශේෂ ස්තූතිය,  සනෙත් මාතොස්

වෙලාව අරගෙන පොත අධ්‍යයනය කරන්න : https://issuu.com/…/24631334-scientific-unarmed-combat

Leave a Reply

Your email address will not be published.