එම්.එම්.ඒ. කියන්නේ මරු ගේම් එකක්ද?

එම්.එම්.ඒ. කියන්නේ මරු ගේම් එකක්ද? මෙන්න ඇත්ත…

ඩැනා වයිට් ඇවිල්ලා කික් බොක්සර් කෙනෙක්. යූ.එෆ්.සී. සම නිර්මාතෘ හොරියන් ග්‍රේසීගෙන් ඩැනා වයිට් මේක මිලදී ගන්නේ විශාල ලෙස ලාභ ලැබීමේ අරමුණින්.

සටන් ක්‍රීඩාව තුලින් ලාභ ලැබීමේ ප්‍රධාන සාධකය තමයි ප්‍රේක්ෂක පදනම. ප්‍රේක්ෂක පදනම හොඳ නම් තමයි අනුග්‍රාහක ශක්තියකුත් ලැබෙන්නේ. ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න නම් රසාස්වාදය තියෙන්න ඕනේ. ජු-ජිට්සු ඇතුළු මල්ලවපොර සටන් ක්‍රම හදාරන අය හැරුණු කොට කවුරුත් කැමති නෑ සටනකදී පොර බදනවා දකින්න. ප්‍රේක්ෂකයන්ට ඕනේ වේගවත් ක්‍රියාදාම.

ඩැනා වයිටුත් කික් බොක්සර් කෙනෙක් නිසා එයත් පුද්ගලිකවම කැමති ස්ටෑන්ඩ් අප් ස්ට්‍රයිකින්ග් යූ.එෆ්.සී. හී කැපී පේනවට. එයත් පුද්ගලිකවම පොර බැදීම සටනකදී දකිනවට අකැමැතියි. ඒ නිසා එයා කික් බොක්සිං යූ.එෆ්.සී. හී වැඩිපුර කැපී පෙනෙන විදියට නීති වෙනස් කරනව. ඉතින් නූතන යූ.එෆ්.සී. හී වැඩි වාසිය හිමි වන්නේ කික් බොක්සර්ස්ලට. ඩැනා වයිට්ට ස්ටෑන්ඩ් අප් ස්ට්‍ර්‍යිකින්ග් ඉස්සරහට ගේන්න ඕන කියන එක පැහැදිලි වන කරුණු කීපයක් තමයි “තව දුරටත් එම්.එම්.ඒ. හී ජු-ජිට්සු වැඩ නොකරන බව කීම, ස්ටෑන්ඩ් අප් ස්ට්‍ර්‍යිකර්ස්ලාට වැඩි පුද්ගලික අනුග්‍රහයක් ලබා දීම” යන දේවල්.

සාමාන්‍යයෙන් රී මැචස් කියන දේවල් උපරිම එන්නේ දෙකයි. නමුත් ඩැනා ට ඕනේ හැමවෙලේම මැක් ග්‍රෙගර් වගේ කික් බොක්සර්ලව ඉදිරියට ගේන්න. ඒ නිසා මැක් ග්‍රෙගර් යම් සටනකින් පරාජයට පත් වුවහොත් ඩැනා න්‍යායය තමයි ග්‍රෙගර් දිනන තුරු රීමැචස් පැවැත්වීම. හැබැයි ඒ අවස්ථාව අනිත් සටන්කරුවන්ට නෑ. විශේෂයෙන්ම මල්ලවපොරකරුවන්ට. උදාහරණයක් විදියට ඩියෙස්, ග්‍රෙගර් ව පලමු මැච් එකෙන්ම සබ්මිශන් එකකින්ම පැරැද්දුවා. ඩැනා, ග්‍රෙගර්ට රී මැච් එකක් දුන්නා. ඒකේදී ඩැනාගේ බට්ටෝ පනින යූ.එෆ්.සී. ලකුණු ක්‍රමයෙන් ග්‍රෙගර් දිනනව. සබ්මිශන් දිනුමක්වත්, නොකවුට් එකක්වත්, ටෙක්නිකල් නොකවුට් එකක්වත් නැතිව. හැබැයි ඩියෙස් ට රී මැච් එකක් නෑ.

හැබැයි පොරියර් එක්ක මැක්ට පිට පිට මැචස් තුනක් ළඟ ළඟම දෙනවා. දැන් මැක්ගේ කකුල කැඩිලා. හරි නම් මෙයා දැන් විශ්‍රාම යන්න ඕනේ. හැබැයි බොහෝ විට ආයෙම ඩැනා තව මැක් x පෝරියර් එකක් දායි.

ඩැනාට අල්ලේ නටවන්න බෑ රුසියානු දේශයේ (දේශපාලනිකව වෙනම රටක් වුණත් පූටින් ගේ ආනුභාවය ඇති නිසාත්, එය පෙර සෝවියට් සමූහාණ්ඩුවට අයිති රටක් නිසාත්,) කබීබ්ව. හැබැයි අනිත් එම්.එම්.ඒ. ක්‍රීඩකයන් ජීවත් වෙන්නේ මේකෙන්. ඒ නිසා ඩැනා වයිට් ගහන ගහන පදයට නටන්න සිද්ධ වෙනව.

ඩැනාට ඕනේ සල්ලි. ඒ නිසා මේ නූතන එම්.එම්.ඒ. ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය වෙන්නෙම ඒ වෙළෙඳ ව්‍යාපෘතියෙහි ප්‍රතිඵලයක් විදියට. එම්.එම්.ඒ. මුල් අදියර තුලින් සම්ප්‍රදායික සටන් කලා ලෝකයේ සහ බෲස් ලීගේ ෆෑන් බේස් එක දැවැන්ත දෙදුරුම් කෑමකට ලක් කරා. යූ.එෆ්.සී. හී හොරියන් ග්‍රේසී සමය නියෝජනය කලේ සැබෑ සටන. එය දිව ගියේ වැලේ-ටුඩෝ ක්‍රමවේදයට. හැබැයි ඩැනා තේරුම් ගත්තා වැඩිම සටන් කලා රසිකයන් පිරිසක් ඉන්නේ ඒ හමුවේ පරාජයට ලක් වන පාර්ශවයේ කියල. ඉතින් ඒ ප්‍රේක්ෂකයන් ටිකත් ආකර්ෂණය කරගන්න ඩැනා ගහපු ටොන් පචය තමයි “එම්.එම්.ඒ. හී පියා බෲස් ලී” යැයි කීම.

මෙන්න මේ නිසා එම්.එම්.ඒ. කියන්නේ ඔයාට සල්ලිවල බලය නිසා “මරු” කියල ඒත්තු ගන්වන ඒත් ඇත්තටම එච්චර දෙයක් නොවන දෙයක්. ඇත්තටම මරු එම්.එම්.ඒ. වෙන්නේ වැලේ-ටුඩෝ එම්.එම්.ඒ. ඒක තිබ්බේ හොරියන් ග්‍රේසී යූ.එෆ්.සී. කරපු කාලේ.

Leave a Reply